January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අයිස්, හෑෂ්, කුෂ්, කොකේන් සමග උදේ ඇල්ලූ නි. නගරාධිපති දියණියට හවස ඇප!

1 min read

ජාතික ජන බලවේගය බලය දරන මහනුවර මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය ඇතුළු පිරිස පිරික් ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර මතයි.

පොලිසිය විසින් මහනුවර ප්‍රදේශයේ සිදු කරන ලද වැටදීමකදී ෆේස්බුක් මගින් සංවිධානය කරන ලද සාදයකදී විසි හය හැවිරිදි මෙම තරුණිය හා ඇගේ පෙම්වතා ඇතුළු තවත් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාල වැටලීම ගැන පොලිසිය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මල්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමඟ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොට ගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජා ඇල ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 21 ත් 26 ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

ජනප්‍රිය පුවත්  නිලියො රැසක් පොලීසියට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x