අයිස් හදන්න ආපු දෙන්නා හිටියේ නුවරඑළියේ කාගේ බංගලාවේද?
1 min read
කෙහෙල්බද්දර පද්මේ විසින් අනාවරණය කරන ලද අයිස් නැමති මත්ද්ර ව්යන නිපදවීමට යොදාගත් නිවස තුළ ඊට අදාල වැඩ කිරීම සඳහා යොදවා ගත් පකිස්ථානු ජාතිකයින් දෙදෙනා මේ වන විට ශ්රී් ලංකාවෙන් පලා ගොස් ඇත.
ඔවුන් දෙදෙනා රැදී සිටියේ කුමන ස්ථානයක ද යන්න පොලීසිය පසුගිය දිනවල විමර්ශනය කර තිබේ. එම විමර්ශනවලදී අනාවරණය වීඇත්තේ, නුවරඑළිය ප්රාදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් සමීපයේ පිහිටි බංගලාවක මොවුන් දෙදෙනා රැදී සිට ඇති බවයි. තවදුරටත් කරුණු සෙවීමේදී අනාවරණය වී ඇත්තේ එම බංගලාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳට අයත් බංගලාවක් බවයි. මෙම පකිස්ථාන් ජාතිකයන් දෙදෙනා අදාළ බංගලාවේ රැදී සිටියේ, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ අවබෝධය සහිතව ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබේ.
මීට අදාල විමර්ශන කරන පොලිස් නිලධාරියකු අප හා පැවසුවේ ඉදිරියේදී මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතාගෙන් සහ එම බිරිඳගෙන් ප්රඅශ්න කිරීමට නියමිතව ඇති බවයි.
විදුර සංජය underground වාර්තාකරු