අධිකරණය කුඩු පට්ටම්!
1 min read
මේ වන විට, අග්‍රවිනිශ්ච්‍යකාරවරයා විසින් මෙතෙක් පැවති සියළු සම්ප්‍රදායන් උල්ලංඝණය කරමින් සිදුකරන අධිකරණයේ මාරුකිරීම් හා වැඩ තහනම් කිරීම හේතුවෙන්, මෙරට අධිකරණ ක්ෂේත්‍රෙය් ඉමහත් කඩා වැටීමක් සිදු වෙමින් ඇතැයි අපගේ අධිකරණ වාර්තාකරු පෙන්වා දේ.
කොළඹ ආශ්‍රිත මහෙස්ත්‍රාත් අධිකරණ හා ඊට ඉහළ අධිකරණ සඳහා මීට පෙර විනිසුරන් පත්කරනු ලැබ ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය හා යහපත් කල්ක්‍රියාව යන කරුණු මත පදනම්වය. එහෙත් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති අගවිනිසුරුවරයා, ඒ හරහා පැවැති ක්‍රමවේද ඉවත ලා ජ්‍යෙෂ්ඨ විනිසුරන් දිවයිනේ බැහැර ප්‍රදේශ වලට මාරුකර යවා ආධුනික, කණිෂ්ඨ විනිසුරන් කොළඹ ආශ්‍රිත තීරණාත්මක වැදගත්කමින් යුක්ත උසාවි සඳහා පත්කර තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බවට පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වයෙන් 58 වැනියා බවට පත්ව සිටින විනිසුරුවරයකි. ආන්දෝලනාත්මක නඩුකරයක් විභාගයට ලක්වන (වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ දේපළ මංකොල්ලයට අදාළ) ගල්කිස්ස උසාවියට පත්කර ඇත්තේ ජාතික ජන බලවේගය සමඟ සමීප හිතවත්කම් සහිත විනිසුරුවරයකි.
කොළඹ ඉහළ උසාවියේ කටයුතු කරන ලද ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක් වැල්ලවාය උසාවියට මාරුකර යවා තිබේ. මේ හේතුව මත ඔහු ඉතා බලවත් මානසික පීඩනයට ලක්ව ඇතැයි අධිකරණ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ රංග දිසානායක අධිකරණයේ විනිසුරුවන්ට බලපෑම් කිරීම ඉතා තදබල ලෙස සිදු කරන බවද වාර්තා වේ. මේ පීඩනය මින් පෙර කවරදාකවත් නොහිතපු තත්වයක් ලෙස විනිසුරුවරුන්අතර කතා බහට ලක්වන අතර, මේ පිළිබඳව කිසිවක් කර තියා ගත නොහැකි අසරණ ඉරණමකට ඔවුන් පත්ව ඇතැයි ද පැවසේ.
කණිෂ්ඨ විනිසුරන් තීරණාත්මක වැදගත් කමින් යුත් උසාවි සඳහා පත් කිරීම මගින් ආණ්ඩුවට අභිමත අයුරින් තීරණ ලබා ගැනීමත්, උසස්වීම් පිළිබඳ ”පොරොන්දු” ඔවුන් වෙත ලබා දීමත් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිවේදන නිකුත් කරන කිසිදු සංවිධායක් මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන්නේ ඔවුන්ද මේ අත්තනෝමතික හැසිරීම අනුමත කරන නිසා විය යුතුයැයි ජ්‍යෙෂ්ඨ විනිසුරන්ගේ මතය වී තිබේ.
UNDERGROUND විශේෂ අධිකරණ වාර්තාකරු