November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

විමල්ගේ කටඋත්තරය මාධ්‍යයට දුන්නට පොලීසියත් අවුල්!

1 min read

ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා තංගල්ල පොලීසියේ කැඳවීමකට අනුව එහි ගොස් දෙන ලද කටඋත්තරය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් සංස්කරණය කර මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තරයේ ද නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඉහළ මට්ටමේ නිලධාරීන් හා පහළ මට්ටමේ පොලිස් සාමාජිකයන් අතර ද එම ක්‍රියාව සම්බන්ධව අප්‍රසාදය ගොඩනැගී ඇතැයි එම ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී. ශ්‍රී ලංකා පොලීසිය ඉතිහාසය තුළ මෙවැනි බාල ක්‍රියාවක් සිදු කර නැතැයි එම නිලධාරීන් ප්‍රසිද්ධියේ පැවසීමට ද පටන්ගෙන තිබේ.

රවී දූනගහ underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x