January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසර 150ක ඉතිහාසයේ පළමු වතාවට නිල ඇඳුමෙන් මරු ගැහිල්ලක්!

1 min read

වසර 150ක වන ශ්‍රී ලංකා පොලීසියේ මුළු ඉතිහාසය පුරා පොලීසියේ සාමාජිකයන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබා දී ඇත්තේ, ඔවුන්ගේ නිල ඇඳුම එකම වර්ණයකින් යුක්තව පැවැතීම අත්‍යවශ්‍ය වන බැවිණි.

ඉතිහාසයේ පළමු වතාවට මෙවර පොලීසියේ නිල ඇඳුම සඳහා රෙදි ලබාදීම වෙනුවට ආණ්ඩුව විසින් පොලිස් සාමාජිකයන්ට වෙන වෙනම මුදල් ලබා දී තිබේ. එසේ මුදල් ලබා දෙන ගමන්, රෙදි කැබැල්ලක් ”සාම්පලය” ලෙස ලබාදී එම ”සාම්පලය” තුළින් දැක්වෙන රෙද්ද පමණක් මිල දී ගෙන නිල ඇඳුම මසාගන්නා ලෙස පොලීසියේ ප්‍රධානීන් දන්වා තිබේ.

පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ අදාළ සාම්ලයෙන් දැක්වෙන රෙදි ලංකාවට ගෙන්වා ඇත්තේ එකම ආයතනයක් විසින් පමණක් බවයි. ඒ අනුව සිදුවන්නේ සියලු පොලිස් සාමාජිකයන් විසින් එම ආයතනය මගින් ගෙන්වන ලද රෙදි පමණක් මිල දී ගෙන සිය නිල ඇඳුම මසා ගැනීමයි. මෙම ආයතනය හා ආණ්ඩුවේ ඉහළ ”පුටු” අතර ඇත්තේ සමීප දැඩි සම්බන්ධතාවය කි.

මීට අමතරව, පොලීසියේ සාමාජිකයන්ට අවශ්‍ය සපත්තු සඳහා ද ඉතිහාසයේ ප්‍රථම වතාවට ”වවුචරයක්” ලබා දී තිබේ. එම වවුචරය මගින් ලබා ගන්නා සපත්තු විවිධ වර්ගයේ ඒවා වීම විසින්, පොලීසියේ නිල ඇඳුම භාවිතයේ දි තිබිය යුතු විනය ආරක්ෂා කිරීම ගැටළුවක් බවට පත්ව ඇතැයි ඉහළ නිලධාරීන්ගේ මතය වී ඇත.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිවරයාගේ දේශිය ගමන් සඳහා ගිය වියදම් ලබාදීම ''බෑ'' කියයි !

වසර 150ක පොලිස් ඉතිහාසයේ නිල ඇඳුමට අවශ්‍ය රෙදි සහ සපත්තු මිල දී ගැනීමට මුදල් ලබාදී ඇත්තේ ප්‍රථම වතාවට ය. ඉතා බරපතළ අර්බුද සමයන්හි දී පවා පැවැති සෑම ආණ්ඩුවක් ම පොලීසියට අවශ්‍ය මෙම දේවල් ලබාදීමට කටයුතු කර තිබුණි.

lankaundergroundnews වාර්තාකරු රශ්මි ප්‍රබෝධා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x