මහ බැංකු අධිපතිගේ මාටියා ගැහිල්ල මෙන්න !
1 min read
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ විසින් සිදු කර ඇති බරපතල දූෂිත ක්‍රියාවන් පිළිබඳ අනාවරණයක් ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවක දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.
එම අනාවරණයට අනුව, රු. මිලියන 400 කට අධික මිලකට මානව සම්පත් උපදේශනය පිළිබඳ කොන්ත්‍රාත්තුවක් අධිපතිවරයා විසින් තම මැලේසියානු මිත්‍රයකු වූ එරට නෙගාරා මහ බැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂ මොහොමඩ් අදාරි බෙලාල්ඩින් වෙත ලබා දී තිබේ.
එම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමෙන් පසු බෙලාල්ඩින් විසින් තම ජ්‍යෙෂ්ඨ උපදේශකයින් දෙදෙනෙකු වන ටිව් ජී යී මහත්මිය සහ ඉක්සාල් මහතා ශ්‍රී ලංකාවට පිටත් කර තිබේ. අදාළ කටයුත්ත සඳහා ලංකාවට පැමිණි එම දෙදෙනා නවාතැන්ගෙන තිබෙන්නේ කොළඹ 2 පිහිටි “කැපිටල් ට්වින්පීක්ස්” නැමැති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ වූ මහ බැංකු අධිපති නන්දලාල්ට අයත් නිවසක ය. අදාළ කොන්ත්‍රාත්තුව තම මැලේසියානු මිත්‍රයාට ලබාදීමෙන් ලැබෙන විශාල අතයට ගණුදෙනුවට අමතරව, තමන්ට අයත් නිවසද එම කාර්යය සඳහා ලබා දී එමගින් ද මුදල් උපයා ගැනීමට අධිපතිවරයා ක්‍රියා කර ඇතැයි විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

මීට අමතරව, දික්වැල්ල නගරයේ පිහිටි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) ශාඛාව පවත්වාගෙන යාමට, එම බැංකුවට කුලියට දී තිබෙන්නේද මහ බැංකු අධිපතිවරයාට අයත් නිවසකි. බැංකු පිළිබඳ මූලික නියාමනය පිළිබඳ ප්‍රමුඛ රාජ්‍ය ආයතනයේ අධිපතිවරයා තමන්ට අයත් නිවසක් බැංකු ශාඛාවකට කුලියට ලබා දීම හා එමගින් විශාල ආදායමක් උපයා ගැනීම ද දූෂිත ගනුදෙනුවකට අමතරව බැඳියාවන් අතර ගැටුමක් ඇති කෙරෙන්නක් බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ය.


මීට පෙර ඒ මහතා විසින් අනාවරණය කර තිබුණේ, මහ බැංකු අධිපතිවරයා තමන් විසින්ම පොලී අනුපාතය තීරණය කර නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර තමන් විසින්ම මිල දී ගෙන කෝටි ගණනක අයථා ලාභයක් උපයා ඇති බව ය. මේ කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
නාමිනී ජිනදාස
Lanka Underground
