November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බිමල් ඉවත් කළ ප්‍රීතියට ප්‍රමිෂ්කාගෙන් සාදයක් !

1 min read

බිමල් රත්නායක වීරකෝන් අමාත්‍යවරයාගේ විෂය පථයෙන් “වරාය සහ ගුවන්සේවා” කොටස ඉවත් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්, තම සමීප ව්‍යාපාරික මිතුරන් සමග එක්ව රාත්‍රී සාදයක් පැවැත්වීමට ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ කටයුතු කර තිබේ. මෙම සාදය පවත්වා ඇත්තේ පසුගිය 12 වැනි දා කොළඹ පවතින ඇයට අයත් නිවසකදී ය.

බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් “වරාය” විෂය ඉවත් කිරීමට බලපා ඇත්තේ ජනාධිපති අනුර කුමාර වෙතින් ඇය සිදු කරන ලද ඉල්ලීමකි. එම ඉල්ලීමට හේතු වී ඇත්තේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සහෝදරයකු විසින් ඇය හරහා ඉදිරිපත් කරන ලද කොළඹ වරායේ පවත්නා තෙල් ටැංකි සම්බන්ධ කරගත් ව්‍යාපාරික යෝජනාවක් බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම ය. එසේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රමිෂ්කා විසින් ජනාධිපති අනුර කුමාරට පැමිණිලි කර තිබේ. එහි දී ඔහු පවසා ඇත්තේ මේ වසර (2025) නිමා වීමට පෙර තමන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවත් එතෙක් ඉවසා සිටින ලෙසත්ය. ජනාධිපතිවරයා ප්‍රමිෂ්කාට පොරොන්දු වූ පරිදි පසුගිය දා එම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කෙරුණු අතර, එහි දී බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් “වරාය හා ගුවන් සේවා” විෂය ඉවත් කර තිබුණි. එම විෂයත් ලබා දී තිබුණේ කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වූ අනුර කරුණාතිලකට ය. ඔහු ජනාධිපති අනුර කුමාර දෙනු ලබන උපදෙස් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉටු කරනු ලබන පුද්ගලයෙකි.

ජනප්‍රිය පුවත්  අල්ලස් ලොක්කාගේ බාප්පා මිනීමරුවෙක්!

තමන්ට පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා විසින් වරාය විෂය බිමල් රත්නායක වෙතින් ඉවත් කිරීම පිළිබඳව සතුට සැමරීම වෙනුවෙන් ප්‍රමිෂ්කා විසින් අප ඉහත සඳහන් කරන ලද සාදය සංවිධානය කර තිබුණි. මේ අවස්ථාවට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සහෝදරයකු හා තවත් කොළඹ ප්‍රකට ව්‍යාපාරිකයන් සැලකිය යුතු පිරිසක් සහභාගි වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ “බෝර්න් අගේන්” ආගමික නිකායේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා වන ජෙරම් ප්‍රනාන්දු ද මේ අවස්ථාවට මධ්‍යම රාත්‍රිය අගභාගයේ දී සහභාගී වීම යි.

මෙම සාදය අතර තුර ප්‍රමිෂ්කා පෙරේරා විසින් අවස්ථා දෙකක දී ජනාධිපති අනුර කුමාරට දුරකථන ඇමතුම් ලබා දී තිබේ. එහි දී සහභාගී වී සිටි ව්‍යාපාරිකයන්ට ඇසෙන සේ ඇය ඉතා කුළුපග අයුරින් ජනාධිපතිවරයා සමග සතුටු සාමිචියේ යෙදී ඇත.

මේ වන විට කොළඹ ව්‍යාපාරික ප්‍රභලයන්ගේ විවිධ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ගෙන යන්නේ ප්‍රමිෂ්කා විසිනි. එම කටයුතු සඳහා ඇය රු. මිලියන 10 සිට 50 දක්වා මුදල් අයකර ගනු ලබන බව ද අප වෙත වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  මහානායක හිමිවරු ජනපතිට අනතුරු අඟවති !

පෙර පුවත….

Underground

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Saliya Vithanage
Saliya Vithanage
1 month ago

අපි ඒත් බැලුවා මොකද හදිසි කැබිනට් සංශෝධනේ කියලා. දැන්නේ ඇත්ත කතාව දන්නෙ.

1
0
Would love your thoughts, please comment.x
()
x