“කොන්ද පණ නැති පෙන්දෙක් !”
1 min read
රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට මෙලෙස බැන වැදී ඇත්තේ, පසුගිය දා පොලිස් කොස්තාපල්වරයකුට, ගල්කිස්ස උසාවි පරිශ්‍රයේදී බැන වැදුණු වන්නිනායක නීතිඥවරයා විසිනි. ඔහු එසේ බැනවැදී ඇත්තේ, තමන් මුහුණ දුන් ප්‍රශ්නය සම්බන්ධයෙන්, අග්‍රවිනිශ්ච්‍යකාරයා,, හමු වී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත චෝදනා කරමිනි.
“ඔහොම පො…. සභාපතිවරයෙක් කවදාවත් ඉදලා නෑ. නීතිඥයකුගේ අයිතිය වෙනුවෙන් කතා කරල මට හිරේ යන්න වෙන්නකොට කට අරින්න බැරි නීතිඥ සංගමයෙ සභාපතිවරයෙක් ඉදල මොකට ද?” යනා දී වශයෙන් වන්නිනායක නීතිඥවරයා විසින් තම සංගමයේ සභාපතිවරයාට දිගින් දිගටම චෝදනා කර තිබේ.
ඔහු මෙලෙස බැන වැදී ඇත්තේ දුරකතනය ඔස්සේ නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ඊයේ (12) සවස් කාලයේදී ය.
Underground
