November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කාසිය රැඳි ඇති මාවත!

1 min read

ඉන්දියානු හමුදාවට එරෙහිව යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් සිදුකරමින් සිටිය දී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් සැමරීම උදෙසා සෑම වසරකම සැප්තැම්බර් 26 වැනි දා සැමරුම් උත්සවය පැවැත්වේ. ඒ අනුව, මෙවර යෙදී තිබුණේ රාසයියා පාර්දීපන් හෙවත් තිලීපන්ගේ 38 වන අනුස්මරණය යි. එය වෙනුවෙන් මෙවර ද යාපනයේ තිලීපන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට සැමරුම් උත්සව පවත්වා තිබේ. ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ද වෙනත් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් ද සහභාගී වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයකු වන, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර් ද මල් කළඹක් රැගෙන මෙම සමරුවට සහභාගී වීමට කටයුතු කර තිබේ. එහෙත්, එහි සිටි පිරිස ධීවර ඇමතිවරයාට දෝෂාරෝපණය කර, එම ස්ථානයට පැමිණීමට ඉඩ නොදී පලවා හැර ඇතැයි වාර්තා වී තිබේ.

එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාව හමුවේ ඇමතිවරයා පවසා ඇත්තේ ”අපි දොගොල්ලොම එකයි… දොගොල්ලොම රජයට එරෙහිව අවි ගත්තා…” යනුවෙනි.

රෝහණ විජේවීරගේ සිට, සෝමවංශ අමරසිංහ ජ.වි.පෙ. නායකත්වයෙන් ඉවත්වන තුරු එම පක්ෂය දැරුවේ එල්.ටී.ටී.ඊ. විරෝධී ස්ථාවරය කි. ඒ, එම පක්ෂය දෙමළ බෙදුම්වාදයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වූ නිසා ය. මේ පිළිබඳව ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර ලියූ ”ලංකාවේ දෙමළ ඊළාම් අරගලයට අපේ විසඳුම” නැමති කෘතිය ජ.වි.පෙ. සාමාජිකයන්ගේ ඊට අදාළ බයිබලය වූවා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ජනප්‍රිය පුවත්  සමනලයෝ සහ සමනලියෝ !

එහෙත් සෝමවංශ අමරසිංහගෙන් පසු ජ.වි.පෙ. නායකත්වය හිමිකරගත් අනුර කුමාර දිසානායක යටතේ, එම ස්ථාවරය කණ පිට හැරවුණි. ඉන් අනතුරුව ජ.වි.පෙ. දෙමළ බෙදුම්වාදයට පක්ෂපාතී වූ අතර, දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාව සමඟ සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති කර ගන්නා ලදී. රාමලිංගම් චන්ද්‍රෙස්කර් මල් කලඹවල් රැගෙන තිලීපන් සමරන්නට යන්නේ මේ රූපාන්තරණයේ ප්‍රතිඵලයක් ලෙස ය.

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී දෙමළ ඩයස්පෝරාව සහය දැක්වූයේ ජ.වි.පෙ.ටය. එනිසාම උතුරෙන් සහ නැගෙනහිරින් සැළකිය යුතු ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගැනීමට එයට හැකිවිය. ඊට අමතරව දෙමළ ඩයස්පෝරාවේ සල්ලි ජ.වි.පෙ. මැතිවරණ වැඩවලට තොග වශයෙන් ලැබුණු බව නොරහසකි. අද ආරක්ෂක හමුදා සාමාජිකයන් හිරේ දමන්නේත්, ජිනීවා මානව හිමිකම් අණ පරිදි ”යුද අපරාධ” චෝදනා ගැන සෙවීමට දේශීය යාන්ත්‍රණ පිහිටුවන්නෙත් ඒ සල්ලිවල හිලව්වට ය.

අද ඇත්තේ වාසිය සඳහා ප්‍රතිපත්ති පාවා දුන් ජ.වි.පෙ. කි. රාමලිංගම්ලා මල් කළඹ අරගෙන තිලීපන් සමරන්නට යන්නේ ඒ නිසා ය. හෙට අනිද්දා මේ උන්දැලා ප්‍රභාකරන් සමරන්නට ද මල් කලඹවල් රැගෙන ගියහොත් කිසිවකුත් පුදුම විය යුතු නැත. ඔවුන්ගේ මාවත කාසිය රැදි ඇති මාවත ය.! වාසිය මිස අන් කිසිවක් ඔවුන්ට වැදගත් වන්නේ නැත!

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x