March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කස්සප හිමි ඇතුළු පිරිස 28 දක්වා යළිත් රිමාන්ඩ්

1 min read

වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිමිවරුන් හතර නම ඇතුළු සැකකරුවන් දස දෙනා යළි ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සූදීන් මහතා නියම කළේය.

1981 අංක 57 දරණ වෙරළ සම්පත් පනත කඩකිරීම සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දැක්වූ අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ පනතෙහි වගන්ති ප්‍රකාරව මෙම අධිකරණයට ඇපදීමට බලයක් නොමැති බව පැවසීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය.

මෙලෙස බන්ධනාගාර ගත වූයේ නැගෙනහිර භික්ෂු පෙරමුණේ සභාපති බලන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස, ත්‍රිකුණාමලය ආනන්දාරාමවාසි (ගිරි හඩු සෑය ශාඛාව ) ත්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරු ගිහි පිරිස 10කි

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. පන්ති 5න් ඉන්දියානු ව්‍යාප්තවාදය ඉවතට!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x