November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කවුද බොලේ මේ ප්‍රමිෂ්… ?

1 min read

ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ යනු මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයේ ඉමහත් අවධානය දිනාගත් කාන්තාවයි. විද්‍යාභූෂණ නමින් ඇයගේ නම අග කොටසක් තිබුණද එය ඇයගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වූ වෛද්‍ය විද්‍යාභූෂණගේ වාසගමය. වෛද්‍ය විද්‍යාභූෂණ සේවය කරනුයේ සුමල් පෙරේරා නැමැති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාට අයත් “Ninewells” පෞද්ගලික ආරෝග්‍යශාලාවේය.

ප්‍රමිෂ්කා සිය ස්වාමි පුරුෂයා වූ වෛද්‍ය විද්‍යාභූෂණ සමඟ

ඉමහත් සමාජ මාධ්‍ය අවධානය දිනාගෙන තිබෙන ප්‍රමිෂ්කා පෙරේරා උපතින් බර්ගර් ජාතික කාන්තාවකි. ඇයගේ මව මෙරට සිංහල සිනමාවේ “චරිතයක්ව” විසූ ශාන්ති ලේඛාය. ශාන්ති ලේඛා යනු, ඇය සිංහල සිනමාවට ගැලපෙන්නට දාගත් ව්‍යාජ නම මිස ඇයගේ සත්‍යය බර්ගර් නම නොවේ.

ෆාස්ටර් ජෙරම්ගේ අනුගාමිකාවක්….

දෙහිවල සරණංකර පාරේ සුඛෝපභෝගී නිවසක වෙසෙන ප්‍රමිෂ්කා පෙරේරා ආගමික වශයෙන් “බෝර්න් අගේන්” ය. ඒ, ෆාස්ටර් ජෙරම්ගේ ආගමික නිකාය ලෙස හඳුනාගත්තද වරදක් නැත. ඇයට සහ වෛද්‍ය විද්‍යාභූෂණගේ පවුලට සුරූපී නව යොවුන් දියණියන් දෙදෙනෙකුද සිටී.

Hummingbird යන නාමයෙන් “බුටික් හොටෙල්” යනුවෙන් හඳුන්වන සුපිරි හෝටල් ජාලයක හිමිකාරිය වන්නේද ප්‍රමිෂ්කාය. ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට මුහුණ ලා නුවර එළියේ ද, අනුරාධපුරයේ ද (සුන්දර වැවක් යාබදව ) දිවයිනේ තවත් නගර කිහිපයකම ද මේ Hummingbird “විලා” හෙවත් “බුටික් හොටෙල්” පිහිටා තිබේ.

ප්‍රමිෂ්කා ජ.වි.පෙ.ට සම්බන්ධ වුණ හැටි….

අමාත්‍යවරුන් වන නලින්ද ජයතිස්ස සහ සුනිල් හඳුන්නෙත්ති සමඟින් විනෝද වන ප්‍රමිෂ්කා

ප්‍රමිෂ්කලාව ජ.වි.පෙ.ට සම්බන්ධ කරන්නේ, “ලක්බිම” පුවත්පතේ (දැනට වසා ඇති) මාධ්‍යවේදිනියකව සිටි පද්මිණී මාතරගේය. පද්මිණී මාතරගේ යනු ජ.වි.පෙ. සමග ඉතා සමීපව සහ හිතෛෂිවන්තව ක්‍රියා කළ මාධ්‍යවේදිනියකි.

ප්‍රමිෂ්කා බෝන් අගේන් නොව කතෝලික ආගම අදහන යහපත් කතක් බව පෙන්වීමට දැවැන්ත මුදලක් යොදවා කරගෙන යන ප්‍රතිරෑප ගොඩනැංවීමේ ව්‍යාපාරයට උර දෙන පද්මිනී මාතරගේ


ඇයට ප්‍රමිෂ්කලාව මුණ ගැස්වූයේ කවුදැයි මෙම ලියුම්කරු මේ අවස්ථාවේ හෙළිකරන්නේ නැත. කෙසේ වෙතත්, මෙහි කෙළවර සිටින්නේ, කුප්‍රකට ඇමෙරිකානු තානාපතිනිය වූ ජූලියා චංග් ය. ප්‍රමිෂ්කාව ජ.වි.පෙ.ට කිට්ටු කරවීමේ බලවත් උවමනාව ඇතිවී තිබුණේ ඇයට ය. එය එක්තරා අන්දමක ඔත්තු සේවා මෙහෙයුමක් ලෙස වටහාගත්ත ද වරදක් නැත.

ජනප්‍රිය පුවත්  අයිස් හදන්න ආපු දෙන්නා හිටියේ නුවරඑළියේ කාගේ බංගලාවේද?
ප්‍රමිෂ්කා අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ

ටිල්වින් සිල්වාගෙන් නර්තනයක්….

පසුගිය ජනාධිපතිවරණයට මාස ගණනාවකට පෙර සිට ජ.වි.පෙ. නායකයන් සමග සමීපව ඇසුරු කිරීමට ප්‍රමිෂ්කාගේ පවුලට හැකි විය. ඒ අනුව, ඇයගේ “සරණංකර ටෙරස්” නිවසේ රාත්‍රී සාදවලට පවා අනුර, ටිල්වින්, හඳුන්නෙත්ති සහ දොස්තර නලින්ද ජයතිස්ස වැනි ජ.වි.පෙ. ප්‍රබලයෝ සහභාගී වූහ. ගීත ගායනයට දක්ෂ වෛද්‍ය රත්නවිභූෂණ මෙම රාත්‍රී සාදයන් ගීතයෙන් ප්‍රමෝදමත් කළේය. ටිල්වින් සිල්වා නම් වූ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා ඒ ඇතැම් අවස්ථාවන්හි දී පාද තාලයකට තබමින් නර්තනයේද නියැලුණි.

ප්‍රමිෂ්කා සහ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ සෙල්ෆියක්

ජනාධිපති අනුර ප්‍රමිෂ්කාගේ පාලනයට….

පසුගිය ජනාධිපතිවරණ සමයේ ද, ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක කොළඹින් බැහැරව නතර වන සෑම අවස්ථාවකදීම පාහේ ඔහු නතරවන හෝටලය කලින් හඳුනාගෙන, කාටත් කලින් එම හෝටලයේම කාමරයක් වෙන් කරගෙන නතරවීමට ප්‍රමිෂ්කා ඉමහත් උවමනාවෙන් කටයුතු කළාය. ඒ සෑම අවස්ථාවක්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමට ද ඇය උනන්දු වූවාය.

කල්යාමේදී ජනාධිපති අනුරගේ සමීපතම “චරිතය” බවට පත්වීමට ප්‍රමිෂ්කා සමත් වූවාය. ඇයට ජනාධිපතිවරයාගේ බොහෝ කටයුතු තීරණය කිරීමට මෙන්ම පාලනය කිරීමටද බලය හිමිව තිබුණි. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිම දෙනෙකුගේ ආරක්ෂාවද ඇය වෙත හිමිව තිබුණි. කොළඹ අවට “කැරකෙන” බොහෝ ව්‍යාපාරිකයෝ රු. මිලියන 5 ට වැඩි මුදලක් ලබා දී ඇය හරහා ජනාධිපති අනුර හමු වීමටත්, ඒ මගින් තම ව්‍යාපාරික අවශ්‍යතාව ඉටුකර ගැනීමටත් පුරුදුව සිටියහ. අනුරද ඇයගේ ඉල්ලීම් කිසිවකට පිටුපෑවේ නැත.

මෑතකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කළේ විශ්‍රාමික නාවුක හමුදා නිලධාරියෙකු වූ අනුර කුමාර ජනාධිපතිවරයාගේ පාසැල් මිතුරෙකුවය. ඔහු පාසැල් ගියේත්, විශ්ව විද්‍යාලයට ගියේත් අනුර සමග එකටමය. “මහින්ද මෙන් ඔයත්, රජයේ වැඳගත් තනතුරු වලට තමන්ගේ මිනිස්සු දා ගන්න” යැයි ජනාධිපති අනුරට උපදෙස් දුන්නේ ප්‍රමිෂ්කා ය. විගණකාධිපති තනතුරට තම සමීපතමයෙකු පත්කර ගැනීමට ව්‍යවස්ථා සභාවේ ප්‍රතික්ෂේප කිරීම් නොතකා ජනාධිපතිවරයා දෙවරක් උත්සාහ කළේද ප්‍රමිෂ්කාගේ ඒ මග පෙන්වීම අනුව යමින්ය.

ජනප්‍රිය පුවත්  අනුර - ට්‍රම්ප් හමුවේ ඡයාරූපයත් පචයක්!

සුරාබදු දෙපාර්තුමේන්තුවට වෙනදා දාන්නේ බොහෝ විට, රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. එහෙත් මෙවර, එම ඓතිහාසික සම්ප්‍රදාය බිඳ දැමුණේය. ඒ පිළිබඳව සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තුල මෙන්ම රාජ්‍ය පරිපාලන සේවය තුලද ඇති වී තිබෙන්නේ බලවත් කලකිරීමකි. එම කරුණු නොසලකා අදාළ පත්වීම සිදු කිරීමට ජනාධිපති අනුර තීරණය කළේ ප්‍රමිෂ්කාගේ මග පෙන්වීම ඒ සියල්ලට වඩා බලවත් බැවිණි.

ජනාධිපති අනුර ප්‍රමිෂ්කා සමඟ පැලවත්තේ කාමරයක තනි වෙයි….

ප්‍රමිෂ්කා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ

පසුගිය වසරේ (2024) අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපන්දින කේක් එක කැපුවේ පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේදී ය. එයට පක්ෂයේ ඉහළ මට්ටමේ ප්‍රධානීන් ටික දෙනෙකුට අමතරව ප්‍රමිෂ්කාද සහභාගී වී සිටියාය. උපන්දින කේක් කපා සුභ පැතීමෙන් පසු අනුරගේ කාමරයෙන් අනෙක් සියල්ලෝම පිටව ගියහ. එහෙත් ප්‍රමිෂ්කා සහ අනුර පමණක් පැය 3 ක පමණ කාලයක් එම කාමරයට වී අල්ලාප සල්ලාපයේ නිරත විය. පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේ සිටින සාමාන්‍ය සාමාජිකයන්ට මෙය තේරුම් ගැනීමට නොහැකි අපභ්‍රංශයක් බවට පත් විය.

ප්‍රමිෂ්කාගෙන් ජනාධිපති ආරක්ෂක අංශයට ද උපදෙස්….

ප්‍රමිෂ්කාට අයත් අනුරාධපුරයේ කුට්ටම් පොකුණ ආශ්‍රිතව පිහිටා ඇති Hummingbird “බුටික්” හෝටලය

ප්‍රමිෂ්කා හා අනුර අතර සම්බන්ධය කොපමණ ප්‍රබල ද යත්, ඇය දැන් ජනාධිපති ආරක්ෂක අංශයට ද උපදෙස් ලබා දෙන්නීය. මේ පිළිබඳව ජනාධිපති ආරක්ෂක අංශය තුළ පවතින්නේ බලවත් නොසතුටකි. පසුගියදා අනුරාධපුරයේ රාජකාරී කටයුතු කිහිපයකට ගිය ජනාධිපති අනුර නතර වූයේ ප්‍රමිෂ්කාට අයත් අනුරාධපුරයේ කුට්ටම් පොකුණ ආශ්‍රිතව පිහිටා ඇති Hummingbird “බුටික්” හෝටලයේය. ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණීමට පෙර සියල්ල සොයා බලා පිළියෙල කර තැබීමට ප්‍රමිෂ්කා කල් තබා එහි පැමිණියාය. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිසිවකු හෝටලය සමීපයේ රැදී නොසිටියහ. පරීක්ෂා කර බැලීමක දී අවට වූ නිවසක් තුළ තිබී ගිනි අවි සඳහා යොදා ගන්නා “පතොරම්” වර්ග කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි විය. මේ සිදුවීමත් සමග මාධ්‍ය වල අවධානය ඒ කෙරෙහි යොමු විණි. ජනාධිපති ආරක්ෂක අංශය ද අසරණ වූයේ තමන්ට ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව පූර්ණ වගකීම ඇතත්, මේ තත්ත්වය තුළ එය ඉටු කිරීම ප්‍රායෝගිකව අසීරු වී තිබෙන නිසාය.

ජනප්‍රිය පුවත්  රට ඇතුළේ R.S.S. බරටම වැඩ | ලංකාවේ ලොක්කා සෙන්දිල් තොණ්ඩමන් !

ප්‍රමිෂ්කාලා එකක් මදිවට තවත් හතරක්….

ප්‍රමිෂ්කාගෙන් සෙල්ෆියක්

ප්‍රමිෂ්කා සමග තවත් ඒ වර්ගයේම කාන්තාවෝ 4 ක් සිටිති. ඒ සියළු දෙනා ජනාධිපති අනුර ආමන්ත්‍රණය කරන්නේ “අයියා” කියාය. කොළඹ ව්‍යාපාරික ජාලය ජනාධිපති අනුරගෙන් යමක් කර ගැනීමට උවමනානම්, එය ඉටු කරගන්නේ මේ ප්‍රමිෂ්කා ඇතුළු කාන්තාවන් පස් දෙනා හරහාය. ඒවාට මිලක් නියම වේ. පොලිස් මාරුවීම්, උසස්වීම් පමණක් නොව, අධිකරණයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් ද මීට අයත් වේ. නීතිපති දෙපාර්තුමේන්තුවේ දිලීප පීරිස්ව ද ජනාධිපති අනුරට සමීප කරවන්නේ ප්‍රමිෂ්කා ය. පොලිස්පතිවරයාව සිටි සමයේ තමන් සමග එකට කා බී විනෝද වූ දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයේදී පන්න පන්නා චරිත ඝාතණය කරන්නට දිලීප පීරිස් පෙළඹුනේද ප්‍රමිෂ්කා අනුරට තමන් ගැන ලබා දුන් විශ්වාසය එළිපිට තහවුරු කරන්නටය. ඒ අනුව ගත් කල දැන් අනුරගේ ආණ්ඩුව නටවන්නේ “කාඩිනල්” ම නොවේ. ඒ වෙනුවට දැන් එම ස්ථානය “ප්‍රොපට් ජෙරම්ගේ” අතට ප්‍රමිෂ්කා හරහා මාරු වී ගොස් තිබේ. අපට කියන්නට ඇත්තේ ආණ්ඩුවට “ප්‍රොපට් ජෙරම්” ගේ “හලලූලා !!” පිහිටයි කියාය.

UnderGround අභ්‍යන්තර වාර්තාකරු

Subscribe
Notify of
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Banda
Banda
3 months ago

Nice

Anusha Priyangani
Anusha Priyangani
1 month ago

මේ කතාව හරියටම දැනගත්තෙ අදයි. Thanks underground!

Priya Rathnayake
Priya Rathnayake
1 month ago

Supiri

Romesh Alwis
Romesh Alwis
1 month ago

මාලිමා ආණ්ඩුව මගුල් සක්වලක්නෙ බලන් යද්දි. හික්ස්…..

4
0
Would love your thoughts, please comment.x
()
x