January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාව සමග තවත් ගිවිසුමක්!

1 min read

2026 පෙබරවාරි මාසය තුළ දී සිය සේවය අවසන් කර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් යාමට පෙර ශ්‍රී ලංකාව සමග තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චුංග් සිය සමීපතම රාජතාන්ත්‍රික හිතවතුන් සමග ප්‍රකාශ කර තිබේ.

අප වෙත වාර්තා වී ඇති පරිදි, එම ගිවිසුම මීට පෙර අත්සන් තබා ඇති වගන්ති කිහිපයකින් යුත් SOFA ගිවිසුමට, අලුත් වගන්තිය එකතු කිරීමක් විය හැකිය.

ඇමරිකා එක්සත් ජනපදයට අයත් ආරක්ෂක හමුදා සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී කිසිදු පරීක්ෂා කර බැලීමකින් තොරව පැමිණීමටත් රට තුළ සංචාරය කිරීමේදී ශ්‍රී ලංකාවේ නීතිය අනුව කිසිදු පරීක්ෂා කිරීමකට ලක් නොකිරීමටත් අදාළ වන පරිදි නව වගන්ති එකතු කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුණ වී තිබේ. මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර සමඟ සිදුකර ඇති සාකච්ඡා බොහෝ සාර්ථක බැවින් ජනවාරි මාසය තුළදී එකී වගන්ති ඇතුළත් ගිවිසුම බලාත්මක කිරීම සිදුවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග පවසා සිටි.

පසුගිය යහපාලන ආණ්ඩු කාලයේදී ද මෙම වගන්ති ඇතුළත් ගිවිසුමකට එළඹීමට ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කළ කළ ද එය සාර්ථක වූයේ නැත.

ජනප්‍රිය පුවත්  දළදා මාලිගාවට ගැහුව එකාට බුද්ධ ශාසනේ බාර දේ!

කෙසේ වෙතත්, එම ගිවිසුමද බලාත්මක කිරීමෙන් පසු චංග් තානාපතිනිය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x