March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලාපන් බං ඔට්ටූ!

1 min read

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ මේ දිනවල ය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් පමණක් නොව, ලොව පුරා වන ක්‍රිකට් රසිකයෝ මෙම ලෝක කුසලාන තරගාවලිය ඉමහත් ආශ්වාදයෙන් යුතුව වැළඳ ගෙන ඇත්තා හ. සුද්දා අපට දායාද කළ, අතහැර ගැනීමට නොහැකි වූ ප්‍රධානතම දේ වනුයේ ක්‍රිකට් ය.

ක්‍රිකට් පමණක් නොව ඕනෑම ක්‍රීඩාවක් සමග මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම නොකෙරේ . එපරිද්දෙන්ම සූදුව ප්‍රචලිත කිරීම ද නොකෙරේ. සුරාව (මත්ද්‍රව්‍ය) හා සූදුව දෙකම ක්‍රීඩාවට අකැප ය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව අපට ලැබුණේ ජපානයෙන් ය. ඒ ලැබුණේ ද පරිත්‍යාගයක් ලෙසිනි. එම පරිත්‍යාගය ලබාදෙන විට ජපානය දැමූ එකම කොන්දේසිය වනුයේ සූදුව ප්‍රවර්ධනය නොකළ යුතු බව ය. එම සදාචාර එකඟතාවට එදා ජාතික රූපවාහිනිය එළැඹියේ තමන් සඳහා පමණකැයි අපට කිව හැකි නොවේ. එය සමස්ත විද්‍යුත් විද්‍යුත් නොවන සන්නිවේදනයට අදාල සදාචාර කොන්දේසියක් බව අපගේ පිළිගැනීම ය.

කොහොමටත් ශ්‍රී ලංකාව මූලික වශයෙන් ථේරවාදී බුදු දහම මත පිහිටා ගොඩනැඟුණු වටිනාකම් මත බිහි කෙරුණු ජන සමාජයකට හිමිකම් කියන රටකි. එම වටිනාකම් පද්ධතිය තුළ සුරාවට මෙන්ම සූදුවට ද ඇත්තේ බැහැර කිරීමේ පිළිවෙතකි. එසේ නොමැතිව වැළඳ ගැනීමේ පිළිවෙතක් නොවේ.

ජනප්‍රිය පුවත්  හිල් ඇති "ජොකා" ලාගේ මූල්‍ය විනය !

සුරාව හා සූදුව එක් වූ කල ඇතිවන දුරාචාරය අපගේ සමාජය පහළට ඇද හෙලන්නකි. එබැවින් කිසිවෙකුත් එය ප්‍රවර්ධනය කළ යුතු නොවේ.

කරුණු එසේ වුවද මේ දිනවල සිදු වන්නේ එය ද ? ඉහතින් දක්වා ඇති ප්‍රචාරක පුවරුව දක්නට ලැබෙන්නේ නාරාහේන්පිට පොල්හේන්ගොඩ හන්දියේ පිහිටි පාසල් භූමියක් තුළ ය. එම පුවරුව මගින් ප්‍රචාරය කෙරෙන්නේ ඔන්ලයින් සිදු කෙරෙන සූදු ක්‍රීඩාවකි. තම මුදල් කාඩ් පත යොදාගෙන ඔට්ටු ඇල්ලීමට එමඟින් පහසුකම් සලසා දී තිබේ. මෙම ඔට්ටු 20යි 20විස්ස ක්‍රිකට් තරගාවලිය සමග බැඳුණු ඔට්ටු ය.

මෙම පාසැල තුළට එන්නේ පාසැල් දරුවන් ය. පාසැල ඉදිරිපිට රැඳී ඉන්නේ දෙමාපියන් ය. පණිවුඩය ගෙන ඉන්නේ මේ සැම සඳහා ය. සූදුව ප්‍රවර්ධනය කෙරෙන පුවරු පාසල තුළම සවි කෙරෙන විට මේ අවනඩුව කියනුයේ කා හට ද? අධ්‍යාපන ඇමතිනී හරිනි බලන්නේ වෙන වෙබ් අඩවිය!

වැඩිහිටියන්ට මුදල් කාඩ්පත් මගින් ද, පාසල් සිසුන්ට ජංගම දුරකථන හරහා ද මුදල් වැය කර ඔට්ටු අල්ලන්නට පොළඹවන මේ ප්‍රචාරය ඇත්තේ මේ පුවරුවේ පමණක් නොවේ. 20යි 20 ක්‍රිකට් තරග විකාශය කරන රූපවාහිනී නාලිකාවේ විටින් විට පෙන්වන්නේ ද සූදු සඳහා ක්‍රීඩා ලෝලීන් ඇද ගනු ලබන දැන්වීම් ය. (පහත දක්වා ඇත්තේ ඒ සඳහා වන එක් උදාහරණයක් පමණි)

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

මේවා මෙසේ සිදුවන්නේ කෙසේද? සුරාව ප්‍රවර්ධනය කළ නොහැකි රටක සූදුව ප්‍රවර්ධනය කරන්නට ඉඩදී ආණ්ඩුව ඔහේ සිටින්නේ මේවා ඉන්දියානු සමාගම් මගින් සිදු කරන ක්‍රියාවන් නිසාද?

සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකාවන්හි ඇති ආචාරධාර්මික සීමා කිරීම් තුළ සූදුවට පොළඹවන දැන්වීම් ඵල කළ නොහැකිය. වෙනත් රටවල නම් එය එසේ වන්නේ නැත. ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් බවට පත්කර ඇති ඉන්දියාවේවත් එසේ කරනුයේ නැත.

පාලකයන්ට වුවමනා වී ඇත්තේ රට දුරාචාරයේ පාරාදීසයක් කිරීමට ද? සමරිසි LGBTQ ප්‍රවර්ධනය කරන ගමන් සූදුව ද එළිපිට ප්‍රවර්ධනය කරනුයේ ඒ සඳහා මිස වෙන අන් කවරක් සඳහා ද? භික්ෂුවගේ ප්‍රතිරූපයට පහර දෙන්නේ ද මේ විෂම, පාදඩ ක්‍රියා එළිපිට කරගැනුමට අවශ්‍ය නිසා ද?

මහජනතාව මේ ගැන නොපමාව සිතා බැලිය යුතුව ඇත. සිතා බලා තීරණ ගත යුතුය. එම තීරණය මෙම සූදුව ඔසවන පාලන ගමන පැරදවීමේ දිශාවට පෙළගැසිය යුතුය.

දරුවන් ඉගෙනුම ලබන පාසල් භූමිය සූදු පුවරු හිටවීමට ඉඩ දුන් විදුහල්පතිවරයා ද කනෙන් අල්ලා එළියට දැමිය යුතුය. එහෙත්, හරිනි අමසූරියට කරන්නට ඊට වඩා වැඩ බොහෝ ඇත. ඒ පොල්ලෙලි ගැසීම ඇයගේ ප්‍රමුඛ රාජකාරිය වන නිසාය.

ජනප්‍රිය පුවත්  තඹුත්තේගමයාගේ කොටි මෙහෙයුම

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x