January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර නටන්නේ ඇමෙරිකාවේ පදේට!

1 min read

ජනාධිපති අනුර සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලියා චංගේ විධානය පරිදි බව රාජ්‍යතාන්ත්‍රික අංශ තුළ කතා බවට ලක්ව තිබේ.

මීට පෙර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටිංගේ ආරාධනාව ප්‍රතික්ෂේප කර Brics සමුළුවට සහභාගී වීමෙන් වැළකී සිටීමත්, පසුගියදා චීනයේ බීජිං නුවර පැවැති රාජ්‍ය නායකයන් 23ක් පමණ සහභාගී වූ ‘‘ෂැංහයි කෝපරේෂන්“ සමුළුවට සහභාගී නොවීමත් සිදුව ඇත්තේ ජුලියා චංගේ විධානය පරිදි බව වාර්තා වේ.

මීට අමතරව, මීට පෙර යුක්‍රේන ජනාධිපති වැලැදිමීර් සෙලෙන්ස්කිට සුභ පතා පණිවුඩයක් යැමීමත්, පසුගියදා කැරලිකාරී අරගලයකින් පසුව, නේපාලයේ ව්‍යවස්ථාවට පිටින් අග්‍රාමාත්‍ය තණතුරේ දිවුරුම් දුන් එරට හිටපු අගවිනිසුරුතුමියට සුභ පතා පණිවුඩයක් නිකුත් කිරීමත් ජනාධිපතිවරයා විසින් සිදුකර ඇත්තේ ද තානාපතිනී ජුලියා චංගේ නියෝගය අනුව බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කරන මහින්ද සමරසිංහ මහතා ද සිය හිතවතුන් හා පවසා ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම පාහේ ක්‍රියා කරන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන්ගේ උපදෙස් අනුව බවය.

ජනප්‍රිය පුවත්  නිලියො රැසක් පොලීසියට!

underground විශේෂ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x