March 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හුණ්ඩු සහ ගුණ්ඩු

1 min read

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව බැට දෙන්නේ ඉරානයට ය. ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ ඊශ්‍රායලයට හා මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරු යනාදියට ය. ඒ අල්ල පනැල්ලේ සසිරිබර මෙසිරිලක ජනාධිපතිවරයා බැටදෙන්නේ තිබුණු ආණ්ඩුවලට ය. එමෙන්ම, තමන් ජනාධිපතිධුරය දරන රටට ය.

පාර්ලිමේන්තුවට හදිසියේම කඩා පාත් වූ ජනාධිපති, තම රට හැඳින්වූයේ හුණ්ඩුවක් ලෙස ය. ඔහු කීවේ ‘‘මේවා රටවල් නොවේ හුණ්ඩු“ කියා ය.

අප කුඩා කාලයේ දී ලංකාව හැඳින්වූයේ ඉන්දියන් සාගරයේ ‘‘මුතු ඇටය“ කියා ය. නමුත් රටේ ජනාධිපති දැන් අපට කියන්නේ ශ්‍රී ලංකාව යනු, ඉන්දියන් සාගරයේ හුණ්ඩුව බව ය.

ජනාධිපතිගේ කැමැත්ත ඇත්තේ ලොකු ඒවාට ය. ‘‘හුණ්ඩු“ යනු පොඩි ඒවා ය. අජපල්ලයක් පමණ ප්‍රමාණයේ ඒවාට ඔහු කැමැත්ත දක්වන බව පැහැදිලි ය. වයසින් වැඩි අයට කැමති ඇත්තෝ ‘‘හුණ්ඩුව“ කියා තම රටට ගැරහීම පුදුමයක් වන්නේ නැත.

තමන් ජනාධිපතිව සිටින රටට මෙලෙස ගරහන මනසක් සහිත පුද්ගලයකුට නායකයකු යැයි කිව හැකි ද? රටකට රාජ්‍යයකට නොව ගෙදරකටවත් මෙබඳු මනසක් සහිත පුද්ගලයෙකු ගැලපෙන්නේ නැත.

ජනප්‍රිය පුවත්  විජිතගේ ආදරයේ… ඔබමය දියණි ඇගේ

මේ මනස යනු, හැම විටම නැතිවාදම හුවා දැක්වීම ය. ‘76‘ වසරක කළ මහා වැඩ කොටස වසා දමා, එම කාලය තුළ නොකළ දේ පමණක් කිය කියා ඉන්නේ නැතිවාදමටම පුරුදු වූ පුංචි අම්මලා ය, මංගො අක්කලා ය, අංගො නැන්දලා ය., I.T.N. නාලිකාවේ පෙන් වූ ‘‘කෝපි කඩේ“ සිටියේ මෙහෙවූ උන්දැලා ය. රට හුණ්ඩුව නම්, ඒ රටේ ජනාධිපති ද හුණ්ඩුවකි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x