January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනි ඉල්ලා අස්වනු! ජ.වි.පෙ.න් බලපෑම්

1 min read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර ඉගෙනුම ලබන දූ දරුවන්ට මිත්‍ර සබඳතා ඇතිකර ගැනීම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී සමලිංගික සබඳතා ඇතිකර ගැනීමට අනුබල දෙන වෙබ් අඩවියක සබඳතා ලබාදීම හේතු කොටගෙන අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට ජ.වි.පෙ. ප්‍රාදේශීය සාමාජිකයන් පක්ෂයේ ඉහළ බලධාරීන්ට බලපෑම් කිරීම අරඹා තිබේ.

buddy.net නැමැති වෙබ් අඩවිය හරහා මිතුරන් හඳුනා ගන්නා අන්දම දක්වා ඇත්තේ 6 වසර ඉංග්‍රීසි දෙවන ‘මොඩියුලය’ මගිනි. මේ වන විට එම වෙබ් අඩවියට සම්බන්ධ වීම රජය මගින් වළක්වා තිබේ. මෙම මොඩියුලය සකස් කිරීමේදී මග පෙන්වීම ලබාදී ඇත්තේ මහාචාර්ය මංජුල විතානපතිරණ විසිනි. ඊට අමතරව ආචාර්ය දර්ශන සමරවීර ද ඊට දායකත්වය ලබා දී තිබේ.

W.A.M. චාපා වෙලගෙදර, G. කලණි වෙරෝෂා, යන අය මෙය අධීක්ෂණය කර ඇත. T.H.N.S. ද සිල්වා, ප්‍රපාජිනී කතහරන්තෝ, R.A.M.W. සුරන්ජීවා, D.B.C.G. ද සිල්වා, D.M.S.M. දිශානායක, W.M.I.U.K විජේරත්න, A.M.G.H අබේසේකර යන කාන්තාවන් මේය සකස් කිරීමට දායක වී තිබේ.

මීට අමතරවත් නිපුණි සමරසිංහ, ආචාර්ය උදුම්බර සමරකෝන්, රංජිත් රාමනායක, තුෂාරි කල්පගේ, රාජිත සම්පත්, ජයනි දිසානායක, ගිම්හානි කණ්ඩානා, හංසා ගීතානි, H.D. ස්වර්ණලතා යන අය මීට දායක වී ඇත.

ජනප්‍රිය පුවත්  වැලිකඩ තදබදය අඩුකරයි! මහින්ද ඇතුළු බර ගානක් හිරේ දාන්න සූදානම්!

මෙම මොඩියුලය මගින් දරුවන් සමලිංගික සබඳතා ඇතිකර ගැනීමට පොළඹවාලීම හේතුකොටගෙන ජ.වි.පෙ. ප්‍රාදේශීය නායකයින්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ හේතුව මත ඔවුන් සිය නායකත්වයට දැඩි බලපෑමක් සිදුකරමින් අවධාරණය කර ඇත්තේ අධ්‍යාපන ඇමතිනිය එම තනතුරෙන් ඉවත් කළ යුතු බවත් ඒ සඳහා සුදුසු ජ.වි.පෙ. නායකයකු පත් කළ යුතු බවත්ය. එමෙන්ම, ගෙනැවිත් තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා නතර කළ යුතු බව ද ඔවුන් අවධාරණය කර තිබේ

මේ අතර ගුරු – විදුහල්පති සංගම් හා තවත් සංවිධාන රැසක්, හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවට හා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත යුතු බවට බල කරමින් විරෝධතා පැවැත්වීමට පෙළ ගැසෙමින් තිබේ. ඉදිරියේදී මහානායක හිමිවරු ඇතුළු ආගමික නායකත්වය ද මීට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුකිරීමට නියමිත බව ද වාර්තාවේ.

චන්දන පෙරේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x