හර්ෂව උස්සන්න! ඉන්දීය මහ කොමසාරිස් කියයි.
1 min read
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවූයේ පසුගිය සති 3කට පෙරය. ඒ කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ කැඳවීමකට අනුවය.
එම හමුවීමේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා වී තිබේ. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්ව දුර්වලතා පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇත එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ස.ජ.බ. මන්ත්‍රීවරු දෙදෙනාට යෝජනා කර ඇත්තේ විකල්පය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඔසවා තබන ලෙසය. ස.ජ.බ. මන්ත්‍රීවරු දෙදෙනා එම යෝජනාව පිළිගෙන ඇතත් ඒ පිළිබඳ එතරම් සතුටට පත් වී නැත.
ඉන්දියාව පවත්නා NPP ආණ්ඩුව පිළිබඳව සුබවාදීව සිතන බවත් විපක්ෂනායක දුර්වල බැවින් නව නායකයකු ලෙස හර්ෂ ද සිල්වා මතුකර ගැනීම වැදගත් බවත් මෙහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
ලසන්ත කුලතුංග LankaUndergroundNews වාර්තාකරු
