හයේ පොතේ ගැටළුව හෙළිදරව් කළ උලපනේ සුමංගල හිමියන්ට CID යෙන් කැඳවීමක්!
1 min read
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පාදක කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේ කැඳවීමක් කර ඇත.
ඒ අනුව සුමංගල හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට දෙපාර්තමේන්තුව හමුවට වැඩම කර ඇත.
තමන්ව මෙලෙස කැඳවීමට බලපෑ නිශ්චිත හේතුවක් පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති වුවද, එල්ල වන ඕනෑම අභියෝගයකට නොපැකිළිව මුහුණ දීමට තමන් වහන්සේ සූදානම් බවත් සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ. .
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
