January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිරස, ඔමායා සහ කොණ්ඩම්

1 min read

“අපි දන්නවා දියුණු රටවල පාසල් දරුවන්ගේ පාසල් බෑගයට ලිංගිකත්වය සම්බන්ධ උපකරණ දානවා. ඒ උපකරණ පාවිච්චි කරන්න දරුවන්ට පුරුදු කරනවා”

සිරස ටීවි නිවේදිකා, ඔමායා කෝවිලගේ සිරස ටීවි වැඩසටහනක දී –

මෙතන මේ ඔමායා කියන්නේ යුරෝපයේ, ඇමෙරිකාවේ දරුවන්ගේ පාසල් බෑග් වලට කොන්ඩම්ස් දාලා ඉස්කෝලේ යවනවා කියලා, ලංකාවේ ගැමියන් අතර තියෙන අමු මිත්‍යාව.

මින්පෙර මේ ඉතාම අසත්‍ය, මැටි අදහස අපි තැන් කිහිපයකම අහලා දැකලා තියෙනවා.

ඔමායා,

එහෙම පාසල් දරුවන්ගේ බෑග් වලට ‘ලිංගික හැසීරිමට අදාල උපකරණ’ දාලා පාසල් යවන එක රටක් කියන්න පුලුවන්ද ?

නිශ්චිතව එක රටක් නම් කරන්න පුලුවන්ද ?

මේ තමයි දියුණු රටවල් දැකලා නැති, ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය නොවැටහෙන, ගැමි කාන්තාවෝ හිතෙන් මවන් ඉන්න යුරෝපය හෝ ඇමෙරිකාව.

මොවුන් ඒ රටවල මිනිස්සුන්ගේ සංස්කෘතිය, ඔවුන් හිතන පතන විදිය දන්නේ නැහැ.

නමුත් ඔවුන්ගේ ඔලු වල ඒ රටවල් මෙහෙමයි කියලා චිත්‍රයක් මැවිලා තියෙනවා.

ඔවුන් මේ විස්තර කරන්නේ ඒ චිත්‍රය මිසෙක ‘දියුණු රටවල්’ නෙවෙයි.

ඒ චිත්‍රය ඇතුලේ පාසල් දරුවන් ලිංගිකව හැසිරෙනවා.

ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඇති කිරීමට අවශ්‍ය මේ ‘සිහින’ රාජ්‍යය.
නැහැ ඔමායා.
කිසිම රටක දරුවන්ගේ පාසල් බෑග් වලට ‘කොන්ඩම්ස්’ දාලා ඉස්කෝලේ යවන්නේ නැහැ.

ජනප්‍රිය පුවත්  මොළය සහ ලිංගය

දියුණු රටවල ඉස්කෝල කියන්නේ මේ ලංකාවේ ටියුෂන් කට් කරලා සමහර ළමයි රිංගන මඩු නෙවෙයි.

ළමයි ලිංගිකව හැසිරෙන්න නෙවෙයි ඉස්කෝලේ යන්නේ.

ඒ වගේම දරුවන්ගේ ලිංගිකත්වය දිහා ඉතාම උණන්දුවෙන් සහ දිරිමත් කරවන විකෘති දෙමව්පියන් නැහැ.

ඇමෙරිකාවේ පසුගිය වසරේ රැල්ලක් තිබුණා.

රජයේ පාසල් වල, දරුවන්ට ඉතාම සරල ලිංගික අධ්‍යාපනය ලබා දෙන පාඩම් උගන්නද්දී පාවා දෙමව්පියන් පාසල් වලට කඩා වැදී ඒවා පවා නැවැත්තුවා.

දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමට ඔවුන් බාධා කළා.

ඒ තමයි ඇමෙරිකානු දෙමව්පියො.

දියුණු රටවලත් ඉන්නේ වැඩිහිටිභාවයට පත් වූ දරුවන්ගේ පවා පුද්ගලික ජීවිතයට (විශේෂයෙන්ම දියණියන්ගේ) , ඔවුන්ගේ සහකරුවන් ගැන හොයන, සහකරුවන්ට නීති දාන දෙමව්පියන්.

දියුණු රටවලත් වැඩිහිටි දියණියගේ පෙම්වතාගේ කැරැට්ටුව ගැන පියා හොයනවා.

දරු සෙනෙහස සහ රැකවරණය යනු විශ්වීය සංකල්ප.

‘ආ! අද ඉස්කෝලේ යනවද, අද අලුත් සහකරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. මෙන්න කොන්ඩම්ස් මන් බෑග් එකට දානවා’ කියන විකෘතියක් නැහැ.

එමෙන්ම ‘දියුණු රටවල’ සහකරුවන් කිහිපදෙනෙක් ආශ්‍රය කළ කාන්තාවන් සමග විවාහ වීමට පිරිමින් අකමැති බවත්, ඔවුන් විවාහයට කන්‍යාවන් සොයන බවත් අලුත්ම සමීක්ෂණ වලින් සහ ඔවුන්ගේ සමාජ හැසිරීමෙන් පෙනෙනවා.

ඇමෙරිකාවේ යුරෝපයේ වයස විසි ගණන් වල කන්‍යාවන් ( Virgin / 0 Body count) තරුණියන් ඕනෑ තරම් ඉන්නවා.

ජනප්‍රිය පුවත්  කළු රාජ්‍යයේ පළු ඇරීම! දාර්ශනිකව සිතමු…!

තරුණයන් ඊටත් වඩා ඉන්නවා.

ඇමෙරිකානු පාසල් සංස්කෘතියේ වැඩිහිටි සිසුන් නියෝජනය කරන ‘හයි ස්කූල්’ තුළ පවා ඇතැම් සිසු සිසුවියන් අතර ඇතිවන ආදර සම්බන්ධතා මෙරට පාසල් වල උසස් පෙළ / සාමාන්‍ය පෙළ දරුවන් අතර ඇතිවන සම්බන්ධ වලට බොහෝ සෙයින් සමානයි.

ඒවා ලිංගිකත්වයට වඩා කුතුහලය මත පදනම් වූ සබඳතා.

දරුවන්ට ලිංගිකව හැසිරීමට අනුබල දෙන හෝ එය ඉවසන සංස්කෘතීන් කිහිපයක් තිබෙනවා.

පිරිසක් වනචාරී ගෝත්‍රිකයන්. ඔවුන් තවමත් අෆ්‍රිකානු වනාන්තර තුළ ජීවත් වෙනවා. තවත් පිරිසක් ඉතා නරුම, දුප්පත්, ආගමික අන්තවාදීන්.

දියුණු රටවල ඔවැනි සංකල්ප නැහැ.

දැන් ප්‍රශ්නය මේකයි.

අපේ රටේ දරුවන් සම්බන්ධ, ඔවුන්ගේ අනාගතය සම්බන්ධ මෙවැනි පට්ටපල් බොරුවක් සිරසේ විකාශය කෙරෙනවා.

මේ බොරුව සමාජයට අතාරින්නේ සිරසේ ‘මුහුණ’. එහෙම නැත්නම් සිරසේ ප්‍රධාන නිවේදිකාව.

(හැම නාළිකාවකටම මුහුණක් තිබෙනවා. දෙරණට නම් චතුර / දිල්කා. හිරු ඉස්සර සුදේව, දැන් චමුදිත. සිරසේ මුහුණ ඔමායා සහ සුරංග)

දැන් මෙතැන දී පට්ටපල් බොරු සමාජගත කිරීමට භාවිතා කරන්නේ මහජන සංඛ්‍යාත.

වෙනත් නාළිකා වල වරදක් දුටු තැන හෝ නිර්මාණය කර, මහජන සංඛ්‍යාත ගැන දොස් කියන උදවිය මෙවැනි අපරාධ ඉදිරියේ නිහඬයි.

ජනප්‍රිය පුවත්  කිතුණු බැතිමතෙකු ජනපතිට ලියූ නත්තල් සංදේශය…

දරුවන් සම්බන්ධයෙන් මෙවැනි පට්ටපල් බොරු සමාජගත කිරීම ජාතික අපරාධයක්.

මෙතැනදී සිදු වන්නේ තමන්ට තීරණ ගත නොහැකි, සමාජය ගැන නොදන්නා, ඉතාම අවදානම් සහගත දරුවන්ට, ඔවුන්ගේ අනාගතයම විනාශ විය හැකි ලිංගික හැසිරීම් සාමාන්‍යකරනය කිරීම.

එමෙන්ම දුප්පත්, අන්තවාදී සහ ගෝත්‍රික සමාජ වල පමණක් ඇති පාදඩ සමාජයක් මෙරට ඇති කිරීම.

මේ ජාතික අපරාධයට ‘මහජන සංඛ්‍යාත’ යොදා ගැනීම ඊට වඩා අපරාධයක්.

‘කැලනි නයා’ වැනි විහිලු වලට වඩා (එය අද දෙරණට සීමා වුනාට, කැලනි නයා පෙන්වීමට වැඩිම කාලයක් යෙදවූයේ සිරස) මේවා රටට බොහෝ හානිදායකයි.

එසේ නම් සිරසට සහ ඔමායාට එරෙහිව විරෝධයක් නොනැගෙන්නේ ඇයි ?

ඒ ප්‍රශ්නයට උත්තරය ඇතුළේ මේ රටේ සමස්ථ දේශපාලනයම හැංගිලා තියෙනවා.
ඒ වගේම තවත් දෙයක්.

සුදු ඇදුම් ඇඳන්, බෑග් එකක් කරේ දාගෙන ඉතාම සතුටින් සහ අහිංසක බලාපොරොත්තු ඇතිව පාසල් යන දරුවන් සමග හෝ ඔවුන් අතර ලිංගික ක්‍රියා සිදුවිය යුතු යයි කවුරුහරි හිතනවා නම්, ඔවුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න!

Sachin Rathwatte

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x