November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ස.තො.ස. 100 ක් වැසේ ! ධම්මිකගේ 100 ක් ඇරේ !

1 min read

ස.තො.ස. වෙළඳසැල් 100 ක් වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එමගින්, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල කෙරෙහි තරගකාරී බලපෑමක් ඇති කිරීමට රජය සතුව වූ එකම වෙළඳසැල් ජාලය අඩපණ කෙරෙණු ඇතැයි ස.තො.ස. සේවකයෝ පෙන්වා දෙති.

දැනට වසා දැමීමට තීරණය කර ඇත්තේ මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර හිමි ස.තො.ස. වෙළඳසැල් වැඩි ප්‍රමාණයක් බව ද පැවසේ. පසුගිය දා ස.තො.ස. සභාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේ ද මෙම තීරණය අනුමත කළ නොහැකි නිසා බව ද වාර්තා වේ. වසා දමන ස.තො.ස. අලෙවිසැල් සතු “බාර් ලයිසන්” 62 ක් විකිණීමට සූදානම් කර ඇතැයිද පැවසේ. මීට සමගාමීව ව්‍යාපාරික ධම්මික පෙරේරා සිල්ලර වෙළඳාමේ නියුතු විශාල ප්‍රමාණයේ අලෙවිසැල් 100 ක් අළුතෙන් විවෘත කිරීමට සූදානම් වේ. ස.තො.ස. වෙළඳසැල් 100 වසා දමන්නේ, ධම්මික පෙරේරාගේ නව වෙළඳසැල් 100 ට අවශ්‍ය වාසිදායක තත්ත්වය සලසා දීම පිණිස බව ස.තො.ස. සේවකයන්ගේ මතය වී තිබේ.

වසා දැමීමට නියමිත ස.තො.ස. වෙළඳසැල් අතර, ඉහල ආදායම් ලබන අලෙවිසැල් ද වන බව වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ පාතාල හස්තය හර්බි!

කවීෂා කිදෙල්පිටිය

Lanka Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x