ශිරන්ති රාජපක්ෂ FCIDයට එයි
1 min read
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.
ඇයට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණද ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට ඇයට පැමිණිය නොහැකි බවත් ඇයට ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත්ය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
