January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහයක්!

1 min read

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, කතෝලික පල්ලියක් තුළ සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු පූජකවරයා මුලා කිරීමෙන් විවාහ වී ඇති බවයි.

කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමෙන් තම පෙනුම වෙනස් කර ඇති බවත්, එම නිසා පූජකවරයා ඇය පිරිමියෙකු ලෙස වරදවා වටහාගෙන ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

සමලිංගික විවාහයන්ට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ කාදිනල්තුමන්, ප්‍රශ්න කර සිටින්නේ එවැනි සබඳතා නිර්මාණය වන පවුල් ජීවිතවල ශක්‍යතාව පිළිබදවයි.

කලගෙඩිහේන ප්‍රදේශයේ පැවැති විශේෂ දේව මෙහෙයක් අතරතුර වැඩිදුරටත් අදහස් දක්වා ඇති උන්වහන්සේ, රජය විසින් LGBTQ+ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ගෙන ඇති පියවර ද විවේචනය කර තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
nadun
nadun
3 months ago

දැන් ඉතින් ලංකාවේ ආර්ථිකේ නගියි පට් පට් ගාලා… 77 වසරකට කරන්න බැරි වෙචච් දෙයක් නේ මේ කළේ

1
0
Would love your thoughts, please comment.x
()
x