“ හැලෝවින් “ බෞද්ධයෝ සහ ඔගස්ටින් ලා
1 min read
මීට වසර දෙකකට කලින් ඇමෙරිකාවේ සුදු ජාතික ක්‍රිස්තියානි භක්තිකයන් අමුතු අකාරයකින් මර්ධනය කෙරුණා.
මේ මර්ධනය එළිපිටම මර්ධනයක් ලෙස පෙනෙන්නේ නැහැ.
නමුත් එය පැහැදිලිවම, සැලසුම්සහගත මර්ධනයක්.
එතැනදී ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආගම ඇදහීමේ නිදහස සීමා කෙරුණා.
ක්‍රිස්තියානි දරුවන් ආගම ඉගැනීම ‘ආගම්වාදී’ , අනවශ්‍ය වැඩක් වැනි අදහසක් සූක්ෂමව සමාජගත කෙරුණා.
නමුත් සෙසු ‘සුළු’ ආගම් ඇදහීමට විශාල නිදහසක් සහ පිළිගැනීමක් ලැබුණා.
එයට රාජ්‍ය අනුග්‍රහය හිමි වුණා.
ක්‍රිස්තියානි භක්තිකයන් තමන් වෙනුවෙන්, සිය ඇදහිලි, විශ්වාස සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම ‘ජාතිවාදී’ , ‘ආගම්වාදී’ වැඩක් විදියට ලේබල් කෙරුණා.
කවුරුන් හෝ ක්‍රිස්තියානි ආගම සහ සුදු ජාතිකයන් වෙනුවෙන් කතා කළා නම් ඔවුන් ‘ජාතිවාදියෙක්’ ලෙසට වර්ග කළා.
නමුත් සෙසු ආගමිකයන්ට එලෙස කෙරුණේ නැහැ.
ඇමෙරිකානු ක්‍රිස්තු භක්තිකයා එය තේරුම් ගත්තා. ඔවුන් තමන් වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් වටා එක්වුණා.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්.
ක්‍රිස්තියානි විරෝධි, සංස්කෘතික විරෝධි වාමාංශික රජය පෙරලා දමා ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ නව පාලනයක් ඇති කළා.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයා ඉලක්ක කරමින් දියත්ව තිබෙන්නෙත් ඒ ආකාරයේම මර්ධනයක්.
එළිපිටම මර්ධනයක් සිදුවන බව පෙනෙන්නට නැහැ.
නමුත් ඇඟට දැනෙන, සංවිධානාත්මක සහ සූක්ෂම මර්දනයක් සිංහල බෞද්ධයා ඉලක්ක කරමින් දියත්ව තිබෙනවා.
ප්‍රථමයෙන්ම එය සිදු කෙරුණේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නිල නොවන මට්ටමින් අහෝසි කරමින්, එය හෝල් සේල් සියලු ආගමික සහ සංස්කෘතික අමාත්‍යංශයක් බවට පත් කරමින්.
ඉන්පසුව එහි නියෝජ්‍ය අමාත්‍යධූරයකට අන්තවාදී සංවිධාන සමග සම්බන්ධතා ඇති පුද්ගලයෙක් පත් කෙරුණා.
දැන් දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් බෞද්ධ විරෝධි වැඩසටහන් දියත් කරමින් තිබෙනවා.
නිදහස් දිනයට වැය කිරීමට මුදල් නොතිබූ ආණ්ඩුව, ‘ශ්‍රී ලාංකික දිනයක්’ වෙනුවෙන් කෝටි 20 ක් වැය කරන්නේ ඒකයි.
මෙතැන දී ‘ශ්‍රී ලාංකික’ අර්ථය යනු, අප පන මෙන් ආදරය කරනා, රෝමෝද්කූපනය වන අපගේ ‘ශ්‍රී ලාංකික’ අර්ථයට නොවෙයි.
එය මාලිමාවෙන් අර්ථ ගැන්වෙන, බෞද්ධයා කොන්කර ඇති, බෞද්ධයාට සිය අනන්‍යතාවය අතහැරීමට යෝජනා කරන වෙනස් අර්ථයක්.
කිසිවෙකුට හෝ කරදරයක් නොමැති මහරගම බෞද්ධ මාර්ග වල නාම පුවරු ගලවා විසි කරන්නේ මේ වැඩසටහනේම අමතර අංග ලෙසයි.
දෙහිවල නගර සභාවෙන් බුදු පිළිමය ඉවත් වන්නේ ඒකයි. මෙතෙක් කාලයක් කවුරුන් හෝ විසින් මේ බුදු පිළිමය ඔසවාගෙන සිටියේ නැහැ.
කාට හෝ එම බුදු පිළිමය ඉවත් කිරීමට අවශ්‍ය වීම යනු හුදෙක් බෞද්ධ විරෝධය පමණයි.
බෞද්ධ භික්ෂූනින් වහන්සේ නමකට , කුණුහරුපයෙන් බැන වදින ඔගස්ටීන් මේ බව දන්නවා.
දැන් රාජ්‍යය තමන්ට ඒ නිදහස දී තිබෙන බව ඔගස්ටීන් දන්නවා.
ඔගස්ටීන් කහ සිවුර ඉදිරියේ කුණුහරුප කීමට තරම් නිර්භීත වන්නේ ඒකයි.
හුදෙක්ම ඔගස්ටීන්ට ඇත්තේ බෞද්ධ විරෝධයක් මිසෙක පරිසර ප්‍රේමයක් නොවෙයි.
මිනිසා සංස්කෘතික ජීවියෙක්.
ලෝකයේ සෑම රටකම ආගමික උත්සව, සංස්කෘතික උත්සව පැවැත්වෙනවා.
ඒවායේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කෙරෙනවා.
එය නිව් යෝර්ක් නගරයටත්, ලංඩනයටත්, දිල්ලියටත්, බේරූටයත් පොදුයි.
නූතන සහජීවනය යනු අනෙකාගේ සංස්කෘතිය ඉවසීම මිසෙක අනෙකාගේ ශබ්දය මර්ධනය කිරීම නොවෙයි. එය දුෂ්ට, අසංස්කෘතික ක්‍රියාවක්.
පල්ලියේ මංගල්ලයට හෝ මොස්කුවේ ශබ්දයට ඔගස්ටීන් පරල වන්නේ නැහැ.
කෙරවලපිටිය යනු මහා ශාන්ත පරිසරයක් නොවෙයි. එහි ශබ්ද විරල, අමුතු මැජික් එකක් නොවෙයි.
එහි ජීවත් වන ඔගස්ටීන් පරල වූයේ ශබ්දය නැගෙන්නේ පන්සලකින් නිසා.
ඔගස්ටීන් වෙනුවෙන් පෙනී සිටිනා බොරු පරිසර ප්‍රේමීන් එයට විරුද්ධ වන්නේ හඬ නැගුණේ පන්සලකින් නිසා පමණයි.
එය හුදෙක් බෞද්ධ විරෝධයම පමණයි.
බෞද්ධයා යනු කිසිසේත්ම ‘ඔගස්ටීන්’ වැනි ආගම්වාදී, අශිෂ්ට මිනිසෙක් නොවෙයි.
ඔගස්ටීන් ලා ශ්‍රී ලංකාවේ ඇති වන්නේම බෞද්ධයා අන්මත ඉවසන, ඉවසිලිවන්ත, ශාන්ත මිනිසෙක් නිසා.
වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධයා අන්මත ඉවසුවා.
අරාබියෙන් පැමිණි වෙළෙන්දන්ට ඔවුන්ගේ අනන්‍යතාවය රකිමින් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඉඩ දුන්නා.
අද ඔවුන් විශාල ප්‍රජාවක්.
පෘතුග්‍රීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගේ ආගම වැළඳගත් ප්‍රජාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන්, බෞද්ධයා ඉවසුවා.
ඉන්දියාවෙන් පැමිණි දමිල වතු කම්කරුවන් ඉවසුවා.
ඔවුන්ට තමන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට බොහෝ විට ඉඩම් ලබා දුන්නේ බෞද්ධ පන්සල් වල නින්දගම් වලින්.
බුදුන් තෙවරක් වැඩි, වසර 2500 ක මහා බෞද්ධ රාජධානියක් වන ශ්‍රී ලංකා භූමියේ කුමන අගලක් ගත්තත්, කොයි කලෙක හෝ ශාසනයට පූජා කර ඇති.
එක් පැත්තකින් එවැනි ඉවසිලිවන්ත, ගෞරවනීය සිංහල බෞද්ධයාට මෙවැනි ඉරණමක් අත්වීම ඛේදජනකයි.
පෙනෙන්නට තිබෙන ආකාරයට බෞද්ධයා ඔගස්ටීන්ලාගේ මුතුන් මිත්තන් ඉවසූ ආකාරයට, ඔගස්ටීන්ලා බෞද්ධයා ඉවසීමට සුදානම් නැහැ.
එයට ප්‍රධානතම හේතුව මතවාදීමය සටන තුළ සිංහල බෞද්ධයා දුබල වීම.
ඇමෙරිකාව තුළ සිදුවුණාක් මෙන් තමන් වෙනුවෙන්, සිය සංස්කෘතිය සහ විශ්වාස වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධයා ‘ආගම්වාදියෙකු’ / ‘ජාතිවාදියෙකු’ යන ලේබල් ඇලවීමට පිරිසක් බලා සිටිනවා.
මේ ලේබල් වලට බිය පුද්ගලයන් තමන්ගේ විශ්වාස, අනන්‍යතාවය සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.
එමෙන්ම මුදල් ලැබෙන්නේ, විදෙස් සංචාර ලැබෙන්නේ, වෙනත් වරප්‍රසාද හිමිවන්නේ සිංහල බෞද්ධයාට විරුද්ධව ලියන කඳවුරට.
ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ යුරෝපා තානාපති කාර්යාල කොතරම් ඔවුන් වෙනුවෙන් මුදල් වැය කරනවාද!
ඉතින් බෞද්ධ විරෝධි වීම වෘත්තියක් වශයෙන් සිදු කරන පිරිසක් ඉන්නවා.
සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයාට ඇත්තේ හදවතේ නිදහස සහ ආත්ම තෘප්තිය පමණයි.
අද බෞද්ධ තරුණ පරපුර ‘හැලෝවීන්’ සමරනවා.
ඒ එය ‘පොෂ්’ වැඩක් ලෙස ඔවුන් දකින නිසා.
නමුත් ඔවුන් ඒ ආකාරයේම මහා සංස්කෘතියේ ‘බලි තොවිල්’ හාස්‍යයෙන් බැහැර කරනවා.
මේ සියල්ල මතවාදීමය සටනේ පරාජය නිසා ඇතිවූ තත්ත්වයන්.
කෙසේවෙතත් මෙවැනි අභියෝග බෞද්ධයාට අලුත් දෙයක් නෙවෙයි.
නායකයෙකු නොමැතිව, ස්ථිර මතවාදයක් නොමැතිව බෞද්ධයා ඔගස්ටීන් ලාට බියේ සිටීම තාවකාලිකයි.
ඇමෙරිකාවේ සිදු වූ පරිවර්ථනය ශ්‍රී ලංකාවේ ද සිදුවෙනවා. එය ස්වාභාවිකයි.
කුමන ලේබල් ගැසුවාත්, කොතරම් මුදල් වියදම් කළාත්, එදිනට බෞද්ධයාගේ එකතුව පරාජය කිරීමට කිසිවෙකුට හෝ නොහැකි වේවි!
උපුටා ගැනීම Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්
