වෙබ් අඩවිය හැක් කරයි! කොමර්ෂල් බැංකු ගිනුම් අනතුරේ!
1 min read
ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ කොම් බෑන්ක් ඩිජිටල් වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් මගින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ මුදල් කොල්ල කෑම මේ දක්වා එම බැංකුවට නවත්වා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.
ඒ 448 / N / 24, ඉහල උඩුගම්පොළ, උඩුගම්පොළ පදිංචි වාහන ව්‍යාපාරිකයකු වන ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ නැමැත්තකු විසින් තමාගේ කොමර්ෂල් බැංකු ගිනුමේ වූ රුපියල් 1,999,777 ක් (රුපියල් දහනව ලක්ෂ අනූහත් දහස් හත්සිය හැත්තෑ හතක) මුදලක් කොල්ල කා ඇති බවට ඔහු විසින් ඊයේ (09) පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම නිසාය.
මෙම පැමිණිලිකරු මේ පිළිබඳව අදාළ පුද්ගලික බැංකුවේ ප්‍රධානීන් ද දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එලෙස පැමිණිලි කර තිබේ.
මේ අතර, අදාළ බැංකුවේ අන්තර්ජාල බැංකු පද්ධතිය වෙත සූක්ෂම අයුරින් අනවසරයෙන් ඇතුළු වෙමින් සහ ඔවුන්ගේ ඩිජිටල් බැංකු පද්ධතිය සමාන වන අයුරින් ව්‍යාජ ලෙස සකස් කරන ලද යෙදුම් භාවිත කරමින් සිදුකර ඇති වංචාවන් රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි රැසක් මේ වන විට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක විභාග වෙමින් තිබේ.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
