වෙනිසියුලාවට ඇමෙරිකානු ප්‍රහාර! වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා අත්අඩංගුවට
1 min read
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග අනුව වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් රටින් පිටතට රැගෙන ගොස් තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයකි.
මේ හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් අගනුවර වැසී ඇති බව සඳහන්.
පළමු පිපිරීම ආසන්න වශයෙන් එරට වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදුව ඇත.
“ඒවා හරිම ප්‍රබලයි. පිපිරීමෙන් පස්සේ මගේ ජනේලය සෙළවුනා” එරට වාර්තාකරුවන් පවසයි.
මේ වනවිට නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර, පිපිරීම්වලින් පසු වෙනිසියුලානු අගනුවර අහසේ ගුවන් යානාවල ශබ්දය ඇසෙන්නට වී ඇත.
මේ තත්වය මත වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධුරෝ රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ අතර, මෙම ප්‍රහාර එක්සත් ජනපදය තම රටේ තෙල් සහ ඛනිජ ලවණ අත්පත් කර ගැනීමේ උත්සාහයක් ලෙස හෙළා දුටුවේය. ඉ න් අනතුරුව ඔවුන් ඇමරිකානු හමුදා යටතට පත්විය.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකානු හමුදා අත්අඩංගුවට පත්වූ අවස්ථාව
