January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් සත්‍යග්‍රහයකට සැරසෙයි!

1 min read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙසටත් බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 12 වෙනි සඳුදා උදෑසන 9.00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජාතික නිදහස් පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

ඊයේ (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය සිදුකිරීමට යන මෙම අඛණ්ඩ සත්‍ය ග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.

දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී ඇති බවත් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම ජාවාරමක් වශයෙන් බවත් ඊට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩ පිළිවෙලද මෙම ප්‍රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කාරණයක් බවත් මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් විමල් වීරවංශ සඳහන් කරනවා.

අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය you tube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත් මෙමගින් සිදුකිරීමට සැලසුම් කරන්නේ තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක් රැස් කිරීමේ මහා ජාවාරමක් බවත් මෙම තත්ත්වයන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේද වැඩි අවධානයක් යොමු විය යුතු බවත් විමල් වීරවංශ පෙන්වා දෙනවා.

ජනප්‍රිය පුවත්  සජිත් අතහරින්න 7ක් ලෑස්තියි!

මෙම මොඩියුල්ල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙන බවත් එමගින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාරමක් පවතින බවත් එම මුදල් යන්නේ කොටදැයි සොයා බැලීමද ඉතා වැදගත් වන බවත් විමල් වීරවංශ සඳහන් කරනවා.

පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතු බවත් නියමු ව්‍යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන් සකස් කළ යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙසේ කඩුමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරදි සිදුවන බවද හිටපු මන්ත්‍රීවරයා පැවසුවා.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x