November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය බිල යළි නංවයි!

1 min read

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ සංදර්ශනය කෙරෙහි ජනතා අවධානය යොමු කරමින් කාලය ගත කරන ආණ්ඩුව නැවතත් විදුලිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ”වසර මැද රාජ්‍ය මුල්‍ය තත්වය පිළිබඳ වාර්තාව – 2025″ මගින් පෙන්වා දී ඇත්තේ මේ වසරේ පළමු මාස 6 දී රු.බිලියන දහතුනයි දශම දෙකක අලාභයක් විදුලිය බල මණ්ඩලය විසින් වාර්තා කර ඇති බවයි. නමුත් ගිය වසරේ පළමු මාස 6 තුළ දී විදුලිය බල මණ්ඩලය රුපියල් බිලියන එකසිය දහනවයයි දශම දෙකක ලාභයක් ලබාගෙන තිබුණි.

අධික ලෙස වාර්ෂාව ඇද හැලුණු හා එනිසාම ජල විදුලිය මගින් විදුලිය උත්පාදනය වැඩි වශයෙන් සිදු කිරීමට හැකියාව තිබූ කාලයක් තුළ මෙපමණ පාඩුවක් විදුලිය බල මණ්ඩලය හිමිකර ගෙන ඇත්තේ කුමන හේතු මත ද යන්න අපැහැදිළිය.

ආණ්ඩුව පවසන පරිදි ඔවුන් දූෂණය හා නාස්තිය වළක්වා තිබේනම් මෙබදු පාඩුවක් ඇති වන්නේ කවර හේතු මත ද යන්න විදුලිය පාරිභෝගිකයෝ ප්‍රශ්න කරති.

ඒ අනුව, ඉදිරි කෙටි කාලය තුළ නැවතත් 10%ට වැඩි අගයකින් විදුලිය බිල ඉහළ දැමීමට මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිබඳව යෝජනා කඩිනමින් ඉදිරිපත් කරනු ඇතැයි පැවසේ.

ජනප්‍රිය පුවත්  පොලීසියේ දඬුවම් මාරු ලෙසටම!

පියසේන දූනගහහේවා Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x