March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය කප්පාදුවක්!

1 min read

ආන්දෝලනයට තුඩු දී තිබෙන නොරොච්චෝල විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමේදී සිදුකර තිබෙන මහා වංචාව හේතු කොටගෙන ඉදිරියේදී විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති අනාවරණය කරයි.

දැනට ගොඩ බා ඇති ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු බව ඒ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව මගින් සනාථ වී තිබේ. ඉන්දියානු සමාගමක නමින් සිදු කර තිබෙන මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් ආණ්ඩුව සිදුකර ඇතැයි පාර්ශව ගණනාවක්ම මේ වන විට චෝදනා එල්ල කර ඇත.

මෙම ඉන්දියානු සමාගමට අදාල ටෙන්ඩරයට ඇතුල්වීමට හැකිවන පරිදි ටෙන්ඩර් කොන්දේසි ද වෙනස් කර තිබේ. මීට පෙර පැවතියේ අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වන සමාගමකට මෙට්‍රික්ටොන් මිලියන 1.0ක ගල් අඟුරු සැපයීමට අදාලා ඉතිහාසයක් පැවතිය යුතු බවය. නමුත් මෙවර ටෙන්ඩරයේ කොන්දේසි මගින් සිදුකර ඇත්තේ එය මෙට්‍රික්ටොන් ලක්ෂය දක්වා අඩු කිරීම ය. එමගින් අදාළ ඉන්දියානු සමාගමට ටෙන්ඩරයට ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබේ.

දැනට ලංකාවට ගෙනවිත් ඇති ගල් අඟුරු සහිත පළමු නෞකාවේ නිල Load Port වාර්තාව අනුව, අදාළ ගල් අඟුරුවල උෂ්ණත්ව අගය ද බොහෝ පහළ අගයකට හිමිකම් කියයි. තවත් නැව් දහයක පමණ ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබේ.

ජනප්‍රිය පුවත්  ජනපති - සේනාධිපති යාළු කළේ කවුද?

විශේෂඥයන් පවසන්නේ මෙම බාල ගල් අඟුරු මගින් බලාගාර ක්‍රියාත්මක කළහොත් නිසැකවම බලාගාර යන්ත්‍ර වෙත දැඩි අලාභාහානි සිදුවිය හැකි බවයි. එමෙන්ම, අධික පරිසර දූෂණයක් ද සිදුවනු ඇති බවයි.

මෙම බාල ගල් අඟුරු පාවිච්චියට නොගත යුතුය යන නිගමනයට පැමිණියහොත් නොරොච්චෝල විදුලිය බලාගාරය ක්‍රියාවිරහිත වේ. එමගින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට වීම නියත බව වෘත්තීය සමිති අවධාරණය කරයි.

මෙම බාල ගල් අඟුරු මගඩියට සම්බන්ධ කිහිප දෙනාගෙන් ප්‍රධානියකු වන්නේ චමින්ද ජයසූරිය නැමැත්තා ය. ඔහු ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වේ. එමෙන්ම, ආණ්ඩුවේ ”ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ ද ප්‍රධානියෙකි. මීට අමතරව හක්මන නන්දාලෝක නමැති ස්වාමීන් වහන්සේ නමක් ද මෙයට සම්බන්ධය. උන්වහන්සේ ජනාධිපති අනුරගේ සමීප හිතවතකු බව පැවසේ. Trident Chemphar නමැති දේශීය සමාගමක් මෙම ගනුදෙනුවේ දේශීය නියෝජිතයා වේ’

මේ සමඟ දක්වා ඇත්තේ එම සමාගමේ ලියාපදිංචියට අදාල ලේඛනයේ අදාළ භික්ෂූන් වහන්සේගේ මෙන්ම විජයසේකර ශානිකා කුමාරි සහ සයාරා ගෝල්ඩින්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන වල හා පුද්ගලයන්ගේ නම් ය.

චමින්ද ජයසූරිය යනු චිත්‍රපට අධ්‍යක්ෂවරයක් ද වේ. මෑතකදී එළිදැක්වූ “The Father” නැමති චිත්‍රපටයේ අධ්‍යක්ෂකරයා වන්නේ ඔහු ය. එය ”ගම්පහ ඔස්මන්” නැමැති අපරාධකරුවකු ලෙස හඳුන්වන සල්ලිකාරයා ගැන කියැවෙන කතා පුවතක් අඩංගු චිත්‍රපටයකි. ඔස්මන් ද ජාතික ජන බලවේගයට විශාල වශයෙන් මුදල් ආධාර ලබා දී තිබේ.

ජනප්‍රිය පුවත්  කන්කසන්තුරේ වරායත් ඉන්දියාවට!
ජාතික ජන බලවේගයේ විධායක සභික චමින්ද ජයසූරිය
හක්මන නන්දාලෝක හිමි

තිලකා සමරජීව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x