January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විගණකාධිපති තනතුරට ආණ්ඩුවේ හිතවතෙක්! යටි අරමුණ මෙන්න!

1 min read

විගණකාධිපති තනතුරට තමන්ට හිතවත් සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පිටතින් ගෙනත් පත්කර ගැනීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට අභ්‍යන්තර අංරංචි මාර්ග වාර්තා කරයි.

මුදල් ඇමතිවරයා හැටියට ඔහු යටතේ තිබෙන රේගුව විසින් සිදු කරපු මහා වංචනික ක්‍රියාව යට ගැසීම මෙහි අරමුණ බවට තත් දත් අරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේ මෙරට විගණකාධිපති තනතුර හිස් වූයේ 2025 අප්‍රේල් මාසයේ 08 වන දා බවත් එසේ හිස් වූ විගණකාධිපති තනතුරට මේ වෙනකම් සුදුසු පුද්ගලයෙකු පත්කර ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවත් ය. ඔහු තවදුරටත් සඳහන් කළේ, විගණකාධිපති දෙපාර්තමේන්තුව සුදුසු පුද්ගලයන් නැතුවා නොවන බව ත් ඇති වී තිබෙන අවශ්‍යතාව කුමක්ද යන කාරණය ඉතාම බැරෑරුම් කාරණයක් බව ත් ය.

මෙරට මෙතෙක් ආණ්ඩුවක් විසින් සිදුකරපු විශාලතම වංචාව වරායේ කන්ටේනර් 323ක් හොරෙන් එළියට දැමූ මහා වංචාකාරී සිදුවීම සහ මේ විගණකාධිපතිවරයා පත්කිරීමට දරන උත්සාහය පිටුපස යම්කිසි සහසම්බන්ධයක් තිබෙනවාද කියන සැකය මතුවෙන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  අනුරගේ ලන්ඩන් රැලිය කළේ ඊළම හදන්න වෙන්කළ සල්ලිවලින්…! - දිළුම් අමුණුගම

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x