වයඹ දිග ඉරානයේ බුකන් නගරයේ දරුණු පිපිරීමක්!
1 min read
වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සියක් පවසයි.
ඉන් රාජ්‍ය ගොඩනැගිලි, නිවාස සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන විනාශවී ඇත.
මේ අතර ලෙබනනයේ අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කරයි.
බේරූට්-රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ((RFHA) ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන් වේ.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
