March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වතුකම්කරුවන්ගේ පඩි වැඩිවීම ගැන මගේ සත දෙක..

1 min read

මම ඉපදුනේත් ජීවත් වන්නේත් මැරෙන්නෙත් තේ වතු වලින් වට වෙච්ච සුන්දර කොත්මලේ.

වතුකම්කරුවන් කියන්නේ අපේ ජීවිතයේම ඒක කොටසක්. ඔවුන්ගේ දුකට සැපට අපි යනවා.ඔවුන්ගේ මළ ගෙවල් මගුල් ගෙවල් වලට අපි සහභාගී වෙනවා. උදේම හම්බුනාම කොහේද වැඩට යන්නේ කියලා අහන්නත් හවසට පොඩි අඩියක් ගහලා එද්දි කොහොමද තත්වෙ කියලා අහලා විහිලුවක් කරන්නත් අපි අමතක කරන්නෑ.

වතුකම්කරුවන්ගේ ජීවිත හරි දුෂ්කරයි. එයාලගේ දරුවන්ගේ ජීවිතත් ඒ වගේම දුෂ්කරයි. ඇත්ත වශයෙන්ම වැටුප් වැඩිවීම් සිදු විය යුතුමයි. වැටුප් වැඩිවීමෙන් එහාට ගොස් ඔවුන්ගේ ජීවන තත්වය උසස් විය යුතුමයි.

ඇත්තටම මගේ ලෝකයේ නම් කවද හරි දවසක ඉන්න ඕනේ මේ වතුවල share holders ල වෙච්ච වැඩ කරන ප්‍රජාවක්.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි.

රජය යෝජනා කරනවා ඔබත් මමත් ඇතුළු ලංකාවේ සිටින සියලුම බදු ගෙවන්නන් සෘජුව හෝ වක්‍රව ගෙවන බදු මුදල් වලින් වතුකම්කරුවන් සඳහා රුපියල් 200 ක වැඩිපුර පැමිණීමේ දීමනාවක් ගෙවන්න.

ඔව් මේ මාසේ ඉඳන් ඒ දීමනාව ලැබෙනවා එතකොට ඔවුන්ගේ පඩියට අමතරව රජය විසින් ජනතාවගේ බදු මුදලින් තව රුපියල් 200ක් දෙනවා.

ජනප්‍රිය පුවත්  අද නිදහස් උළෙල දැකලා අභිමානයක් වෙනුවට ඇති වුණේ ලැජ්ජාවක්!

දැන් අපි බලමු මේ වතුකම්කරුවන් වැඩ කරන්නාවූ විශාල තේ වතු සමාගම් දෙස.
බ්‍රවුන්ස් පුද්ගලික සමාගම – හෙක්ටයර් තිස් දාහකට වැඩිය එයාලට තියෙනවා. මතුරට හපුගස්තැන්න උඩු පුස්සල්ලාව ප්ලාන්ටේෂන් අයිති LOLC ගෘප් එකේ එකක්.. වැඩිම කොටස් හිමිකරුවා කවුද කියලා දන්නවා ඇතිනේ.. ඉෂාර නානායක්කාර..

තලවකැලේ සමාගම – මේක අයිති Heylys Group එකට.. – වැඩිම කොටස් හිමිකරුවා ධම්මික පෙරේරා..

කැලණි වැලි සමාගම – Heylys Group .. ධම්මික පෙරේරා..
ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස්.. – aitken spence – වැඩිම කොටස් හිමිකරුවා වෙන්නේ D H S ජයවර්ධන. ඒ කියන්නේ හැරී ජයවර්ධන..

DAMRO Group – ලබුකැලේ අගලවත්ත වගේ වතු.. දමිත රාමනායක..
ජනාධිපතිතුමා ගියපු මට්ට කැලේ වත්ත.. dipped product pvt ltd.. ඒකෙත් මව් සමාගම Hayleys.. ආයෙත් හොරා වගේ ධම්මිකම තමයි..

මං හිතන්නේ මේක මෙතෙන්ට කියවපු කට්ටියට දැන් පොඩි අමුතුවක් දැනෙන්න ඕනේ. ලංකාවේ තියෙන ප්‍රධානතම ලාභ ලබන ව්‍යාපාරික සමාගම් වල වැඩ කරන්නා වූ අයට පඩි ගෙවීම සඳහා රජයෙන් එකතු කරන බදු මුදල් වලින් රුපියල් දෙසීයක් යොමු කරනවා.

ජනප්‍රිය පුවත්  පැක්ස් සිලිකා: අනුරට ලිට්මස් පරික්ෂණයක්!

කොච්චරකට වගේ ගෙවනවද කියලා කල්පනා කරොත් මාසිකව ලක්ෂයත් එක් ලක්ෂ පනස්දාහක් අතර පිරිසකට..

ඇයි මේක ඒ සමාගම්වලට කරන්න බැරි?

ලංකාවේ තේ නිෂ්පාදනය වැඩියෙන්ම කරන්නේ මේ සමාගම් කියලා ඔබ හිතන් ඉන්නවනම් ඒක වැරදියි.

ඒ තමයි මමත් අයත්වන කුඩා පරිමාණ තේ ව්‍යාපාරික ප්‍රජාව. ඔවුන් තමයි සියයට හැත්තෑවත් හැත්ත පහත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙන්නේ.

එතකොට මේ වැඩිපුර වැටුප රජයෙන් ගෙවද්දි ඔවුන්ගේ වතු වල වැඩ කරන අයත් වැඩියෙන් මුදල් ඉල්ලනවා..ඒවටත් රජයෙන් ආධාර දෙනවද? ඔවුන්ගේ අසරණතාවයට කවුද පිළියම් දෙන්නෙ.

දැන් මේ වගේම ලංකාවට වැඩියම ආදායම උත්පාදනය කරන අපේ ගාමන්ට් ෆැක්ට්‍රි වල වැඩ කරන ඒ දුවා දරුවන්ටත් මේ දෙසීය දෙන්න හොඳ නැතිද?

වතුකම්කරුවන්ගේ පැමිණිමේ දීමනාව වගේම එයාලා වැඩ කරන දිවිත්ව නාම ක්‍රමය ගැනත් තේ වතු අද්දර ඉපදිච්ච අපි හොඳටම දන්නවා. ඒ ගැන කතා කරන්න මේක වෙලාව නෙවෙයි.

ගොඩක් අය මේ ප්‍රශ්නෙදි නිහඩව හිටියා. පක්ෂ විපක්ෂ සියලුම වතු කම්කරුවන් නියෝජනය කරන පක්ෂයන් මේකට කැමැත්ත පළ කරා කරා. එයාලට ඇත්තටම වැරැද්දක් කියන්නත් බැහැ.

ජනප්‍රිය පුවත්  මාලිමා කලාකරුවාගේ පවුම් වංචාව!

හැබැයි ජනාධිපතිතුමෝ කහට ගෑවුණු අත් කියලා ඔයා දේශපාලන වශයෙන් අල්ලගෙන ඒ කරපු වැඩේ මම නම් අනුමත කරන්නෑ..

ඔයා මේක ගෙවන්නෙ ඔයාගේ පුද්ගලික හෝ පක්ෂ අරමුදලින් නෙවෙයි.මුලු ලංකාවේම මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉන්න වෙලාවේ ගෙවන බදු මුදල් වලින්.

ඒ වගේම කුඩා පරිමාණ තේවතු ව්‍යාපාරිකයා වැටුණු දවසට, ලංකාවේ තේ වල කොලිටිය අඩු උන දවසට,තේ නිශ්පාදනයේ ලාභය අඩුවුණු දවසට ඔයාට මේක තේරෙයි..හැබැයි කල් පැනල..

උපුටා ගැනීම Dinidu Parakrama Dassanayake ෆේස්බුක් පිටුවෙන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x