January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලොව විශාලතම කෞතුකාගාරය විනාඩි 4න් කොල්ලකයි!

1 min read

ලෝකයේ විශාලතම කෞතුකාගාරය වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලොව සුපතල ලූවර් කෞතුකාගාරය බිඳ එහි තිබූ මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ රැසක් සොරකම් කර තිබේ. ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ, මුහුණු ආවරණය කරගත් තිදෙනකු හෝ සිවුදෙනකු මෙම සොරකම සිදුකර ඇති බවයි. ඒකී සොරකම සඳහා ඔවුනට ගත වී ඇත්තේ විනාඩි 4ක් තරම් අඩු කාලයකි.

මෙම ලූවර් කෞතුකාගාරය වර්ග මීටර් 73,000ක වපසරියක පැතිර තිබේ. ආසන්න වශයෙන් එය පාපාන්දු ක්‍රීඩා පිටි 10ක පමණ විශාලත්වයකින් යුක්තය. 1546 දී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල එකල අයත්ව තිබී ඇත්තේ ප්‍රංශ රජ පවුලට ය. මෙම කෞතුකාගාරය වඩාත් කීර්තියක් හිමිකර ගෙන ඇත්තේ ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි සිත්තම් කළ ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම එහි තැන්පත් කර තිබීම හේතුකොටගෙන ය.

මෙම සොරකම සිදු කරන ලද පුද්ගලයන් කෞතුකාගාරයට ඇතුළු වී ඇත්තේ සෙන් නදිය ගලා යන දෙසින් පිහිටි භාණ්ඩ ප්‍රවාහනය කරන සෝපානය හරහා ය. අනතුරුව එහි ”ඇපලෝ” ගැලරියේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති සොරුන් ප්‍රංශ රාජකීය ඔටුණු සහ ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කර තිබේ. ඒවා මිල කළ නොහැකි පෞරාණික කෞතුක භාණ්ඩ වේ. මේ වන විට ඔවුන් විසින් සොරකම් කරන ලද කෞතුක භාණ්ඩ ලැයිස්තුව පිළියෙල කරමින් සිටින බව ප්‍රංශ මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.

ජනප්‍රිය පුවත්  උළුගේතැන්නට ‘‘පාවාදීමේ“ යෝජනාවක්!

නැපෝලියන් අධිරාජ්‍යයාගේ සහ ඉයුජිනි රැජිනගේ ස්වර්ණාභරණ එකතුවෙන් කොටස් 9ක් සොකරම් කර ඇති අතර, ඉන් එක් ආභරණයක් කෞතුකාගාරයෙන් පිටත බිදීගොස් තිබියදී හමුවී තිබේ. සොරුන් පසුව යතුරුපැදිවලට නැග පලාගොස් ඇති අතර විනාඩි 4ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සොරකම සිදු කිරීම විමතිය දනවන කරණයක් බව ප්‍රංශ ආරක්ෂක අංශ අවධාරණය කරයි. මෙම කෞතුකාගාරය ආරක්ෂා කිරීමට 200කට වැඩි ආරක්ෂකයින් ප්‍රමාණයක් එහි රැදී සිටින බව ද වාර්තා වේ.

සොරකමෙන් පසුව ලූවර් කෞතුකාගාරය වසා දමන ලද අතර, ඒ වන විට එහි රැඳී සිටි ජනතාව ද ඉවත් කර තිබේ.

ලතීෆ් කාසීම් Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x