ලෙඩ්ඩු මරණ බාල බෙහෙත් ජාවාරමේ බල්තසාර් සහ අනිල් ජාසිංහ!
1 min read
රෝගීන් දෙදෙනකු ජීවතක්ෂයට පත් කළ ඉන්දීය බාල බෙහෙත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවන සමාගම වන, පී.ටී.සී. හොල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ හිමිකරු වන්නේ ගිහාන් බෙනරගම ය. ඔහුගේ බාල සහෝදරයා විවාහ වී සිටින්නේ, NPP කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර්ගේ නැගනිය සමගය. මෙම සබඳකම් හරහා පසුගිය මැතිවරණයේදී මෙම සමාගමේ හිමිකරු නලින්ද ජයතිස්සටත්, සුනිල් වටගලටත්, සුනිල් හඳුන්නෙත්තිටත්, ඉන් නොනැවතී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාටත් විශාල ලෙස මුදලින් ‘‘ආධාර“ (පගා) ලබාදී තිබේ.

පී.ටී.සී. හොල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ හිමිකරු ගිහාන් බෙනරගම

NPP කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර්ගේ ඇගේ සහෝදරයා සහ නැගනිය
මේ හේතුව මත කොපමණ ඉන්දීය බාල බෙහෙත් ගෙන්වුව ද එම සමාගමට එරෙහිව ප්‍රබල පියවරක් ගැනීමේ නොහැකියාව මත ආණ්ඩුව පෙළෙන බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දේ.
මීට අමතරය ඉන්දීය බාල බෙහෙත් ගෙන්වීමේ චෝදනාව එල්ල වී ඇති අනෙක් සමාගම වන්නේ, Hemas Surgicals & Diagnostics (PVT) ආයතනයයි. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාව සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහා පරිමාණ ඖෂධ ජාවාරමක් පිළිබඳව 2025 ජුනි මාසයේදී අල්ලස් කොමිෂමට පැමිණිලි කරන ලදී. එහි චූදිතයන් වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම යි.
THO/B/N/HSL/AB/AQ/2025/01 දරණ විගණන වාර්තාව මගින් අනිල් ජාසිංහට සහ හේමාස් සමාගමට එල්ල වී ඇති චෝදනා මේ වන විට සනාථ කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණයන් හිදී අනිල් ජාසිංහ මැදිහත්ව තමන්ට හිතවත් ඖෂධ සමාගම් වෙතින් අති විශාල මුදලක් ජ.වි.පෙ. වෙත ලබාදී තිබේ. හේමාස් සමාගම එහිදී ඉදිරියෙන්ම කටයුතු කර තිබේ. මේ නිසා එම සමාගමට හා අනිල් ජාසිංහට එරෙහිව ද කිසිදු පියවරක් නොගනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දේ.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයසිංහ හා මෙම සමාගම් අතර ඇත්තේ බලවත් සමීප සම්බන්ධතාවකි. මේ හේතුවද මෙම පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීමට බලපා තිබේ.
