ලක්ෂ 7.5 ක් දුන්නොත් නඩුව ඉවරයි” – අසෝක රන්වලට අගතියට පත් පාර්ශවයෙන් යෝජනාවක්!
1 min read
හෙයියන්තුඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (16) මහර අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී සපුගස්කන්ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුරින් තුවාල ලැබූ මව, දරුවා සහ මිත්තනියගේ වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව, අදාළ වාර්තා ලැබෙන තෙක් නඩුව ලබන මාර්තු 13 වැනිදා දක්වා කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ, මෝටර් රථයට සිදුවූ රුපියල් ලක්ෂ 06ක අලාභය සහ අස්ථානගත වූ ජංගම දුරකථන වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 7.5 ක වන්දි මුදලක් ලබා දෙන්නේ නම් නඩුව සමථයකට පත් කර ගැනීමට යෝජනා කරන බවයි. මීට ප්‍රතිචාර දක්වමින් විත්ති පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කළේ, තම සේවාදායකයා බීමත්ව සිට නොමැති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර, තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා ලැබීමෙන් අනතුරුව යෝජිතවන්දි මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ බවයි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
