January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලොව අන්තිම රටවල් 40ට ඇද වැටෙයි!

1 min read

2026 නව වසර උදාවත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බව සනාථ කරමින්, ලොව අඩුම සෞඛ්‍ය සම්පන්න රටවල් 40 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ.

CEO World Global Health Index 2025 දර්ශකයට අනුව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 158 වන ස්ථානයයි.

නව පාලනයක් යටතේ රට ගොඩනගන බවට බලධාරීන් පාරට්ටු කර ගත්තද, ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන සෞඛ්‍ය සුරක්ෂිතතාව අතින් ලංකාව අප්‍රිකානු කලාපයේ අතිශය දිළිඳු රටවල් පවතින මට්ටමට ඇද වැටීම බරපතළ තත්ත්වයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති 54.55 ක අඩු දර්ශක අගය මගින් මෙරට ජනතාව මුහුණ දී සිටින සෞඛ්‍ය අවදානම මනාව පැහැදිලි කරයි. විශේෂයෙන්ම, දිය වැඩියාව, අධික රුධිර පීඩනය සහ තරබාරුකම අතින් ලංකාව ලොව අවදානම් කලාපයට ඇතුළත් වී ඇත.

එසේම ජනතාවට සහන දෙන බව පැවසුවද, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රජය වැය කරන ප්‍රතිපාදන සහ ඖෂධ හිඟය මෙම පසුබෑමට සෘජුව බලපා තිබේ.

එමෙන්ම මෙරට සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව ලෙස තවදුරටත් හෘද රෝග සහ ආඝාතය පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  මාලිමාවට බලය හිමි රත්නපුර සහ යටියන්තොට සභා අයවැය පරාදයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x