March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ ඛනිජ සම්පත් කොල්ලකෑමට ටිල්වින්ගෙන් ඉන්දියාවට එකඟතාව!

1 min read

ශ්‍රී ලංකාවේ පවත්නා දුර්ලභ ඛනිජ සම්පත් ඉන්දියානු රජයට හා ඉන්දියානු සමාගම් සඳහා විවෘත කිරීමට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිය එකඟතාව තහවුරු කර තිබේ. එය සිදුකර ඇත්තේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මුණ ගැසුණු අවස්ථාවේදී ය. එහිදී සිදු කරන ලද පෞද්ගලික මට්ටමේ කතා බහක දී මෙම එකඟතාව ඇති කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.

මීට පෙර, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඉන්දියාවේ සිදුකරන ලද සංචාරයක දී එරට කැණිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හමු වී මේ පිළිබඳ මූලික අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. ශ්‍රී ලංකා භූමියේ හා එයට අයත් මුහුදු සීමාව තුළ වන මුහුදු පතුලේ පිහිටි ස්වභාවික ඛනිජ සම්පත් ගවේෂණය හා කැනීම ඉන්දියාවට පැවරීම මෙමගින් මූලික වශයෙන් එකඟ වී තිබේ. එහෙත් මෙම කටයුතු වල ප්‍රමාණාත්මක ප්‍රගතියක් නොමැති බැවින් එය කඩිනමින් දියත් කරවා ගැනීම පිණිස ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාගේ අනුකූලතාව ලබා ගැනීම ඉන්දියාවේ බලධාරීන්ගේ අවශ්‍යතාව වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පවතින ටයිටේනියම්, පොටෑසියම් ආදී දුර්ලභ ඛනිජ සම්පත් ඉන්දීය සමාගම් වෙත විකිණීමට අවශ්‍ය සියලු පියවර ගැනෙමින් තිබේ. මේ සමග අප ඔබට ප්‍රථම වතාවට ඉදිරිපත් කරනුයේ කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය මගින් පසුගිය ජනවාරි 13 වැනි දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වෙත යොමුකරන ලද මීට අදාළ ලිපිය හා යෝජිත අවබෝධතා ගිවිසුමේ කොටුම්පත ය. මෙය, දැනට පවතින මූලික අවබෝධතා ගිවිසුම වෙනුවට ස්ථිරසාර අවබෝධතා ගිවිසුමක් වෙනුවෙන් වන ලේඛණයයි.

ජනප්‍රිය පුවත්  කථානායක සහ ඇමති වසන්ත හිරගෙට!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x