March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවෙ S.O.P. ඉන්දියාව හදයි! චීනය කනස්සල්ලෙන්

1 min read

කොළඹ වරායට ජාත්‍යන්තර සාගර ගවේෂණ නෞකාවන් පැමිණීමේදී අනුගමනය කෙරෙන ක්‍රියාපටිපාටිය හෙවත් සම්මත මෙහෙයුම් පටිපාටිය (S.O.P.) සකස් කිරීම ඉන්දියාව බාරගෙන තිබේ. ඒ අනුව චීනයේ සාගර ගවේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට පැමිණිය නොහැකි වන පරිදි මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය ඉන්දියාව විසින් සකස් කරමින් සිටින බව අපගේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් සකස් කළ යුතු අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය ඉන්දියානු බලධාරීන් විසින් සකස් කිරීමට බාරදීම, නරින්ට කුකුල්ලු බාරදීමට සමාන බව මේ පිළිබඳ ප්‍රවීණයන්ගේ මතය වේ. එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය මේ වන විට ඉන්දියාව හමුවේ කෙබඳු ඉරණමකට භාජනය කර ඇත්දැයි පෙන්වන සිදුවීමක් බව එකී ප්‍රවීණයෝ අවධාරණය කරති.

ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ පිළිබඳව චීනය දැනුම්වත් කර ඇත. ඉන්දියාව විසින් අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කර අවසන් වීමෙන් පසු චීන සාගර ගවේෂණ යාත්‍රා පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගත හැකි වේ යැයි ඔහු විසින් පෙන්වා දී තිබේ. නමුත් චීනය මේ පිළිබඳ බලවත් කනස්සල්ලට පත්ව තිබේ.

ජනප්‍රිය පුවත්  ඩඩ්ලිට අනුරගෙන් උපරිම සැප!

පසුගියදා පැමිණි චීන සාගර ගවේෂණ යාත්‍රාවකට වරාය පහසුකම් සලසනු ලැබුවේ මාලදිවයින විසිනි. ඉන්දියාවේ පීඩනය නොසළකා මාලදිවයින් බලධාරීන් මෙහිලා චීනයට අවශ්‍ය සහාය ලබා දී තිබේ.

මේ අතර ‘‘සිනොපැක්“ තෙල් පිරිපහදුව පිළිබඳ ව්‍යාපෘතිය ඇතුළු චීන ව්‍යාපෘති 5ක් NPP ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වීම වළක්වා තිබේ. පසුගියදා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට විජිත හේරත් අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘‘චීනය ගිවිසුමේ තියෙන දේවල් වලට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි සිනොපැක් ව්‍යාපෘතිය කෙරෙන්නේ නැත්තේ“ යනුවෙනි. ඔහුගේ එම ප්‍රකාශය ද එහි සිටි ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක විසින් චීන තානාපති අංශ දැනුම්වත් කර තිබේ.

දිගින් දිගටම චීනය නොසලකා හරිමින් කටයුතු කළ ද ආණ්ඩුව ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව ඉල්ලා සිටින සියලු දේ පිළිගෙන කටයුතු කිරීම පිළිබඳ චීනය සිය නොසතුට පළ කර තිබේ.

සමින්ද වරුෂවිතාන

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x