January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවී – ෆයිසර් ඉවත් වෙන්න ‘‘බෑ“ කියයි!

1 min read

රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ නියෝජනය වීමට අවස්ථාව ලබාදීම සඳහා රවී කරුණානායක හා ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරුන්ගෙන් එක් අයකු ඉල්ලා අස්වීම සඳහා එකඟ කර ගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.

එ.ජා.ප. නායකයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයකු මේ දෙදෙනා සමඟ වෙන වෙනම සාකච්ඡා කර ඇතත් දෙදෙනාම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, රවී කරුණානායක මන්ත්‍රීවරයා, ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවසේ දී කිහිපවතාවක්ම ජනාධිපති අනුර කුමාර මුණ ගැසී තිබේ. එහිදී අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉල්ලීම වී තිබෙන්නේ ද රවී කරුණානායක රනිල් වෙනුවෙන් ඉල්ලා අස් නොවිය යුතු බව ය.

LnkaUndergroundNews වාර්තාකරු- ප්‍රවීන් ළමාබදුහේවා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x