රනිල්ගෙන් සජිත්ට ඇමතුමක්!
1 min read
නව වසර උදාවීමත් සමගම අද(01) දිනයේ දී හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක , සමගි ජන බලවේගය නායක , සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුමක් ලබා දී සුභ පැතුම් එක් කර තිබෙන බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහට ද උණුසුම් සුභ පැතුම් එක් කළ සජිත් ප්‍රේමදාස ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කළ බව සඳහන්.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව සිදු වන බවත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර කතාබස් වී ඇත.
ඊට අමතරව, පසුගිය 30 වැනි දා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනකු අතර සිදුවූ සාකච්ඡාව සම්බන්ධයෙන් ද මෙම දුරකථන සංවාදයේදී කෙටි කතාබහක් සිදුවී ඇත.
