January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී

1 min read

මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,873,870 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස නවය තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 93,630 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,097,434 දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,042,904 ක් ලෙස සඳහන් ව තිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 54,530 කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

ජනප්‍රිය පුවත්  රතන හිමි රිමාන්ඩ්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x