November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

යාපනේ සිහලුන්ගේ දුක! සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරීම!

1 min read

යාපනයට යන සෑම අවස්ථාවකදී ම ජනාධිපති අනුර කුමාර හඬ නගා පවසන්නේ යලි මේ රටේ ජාතිවාදයක ට තමන් ඉඩ නොදෙන බව ය. ඒ අදහසට කවුරුත් විරුද්ධ නොවන බව අපට විශ්වාස ය.

ඒ අදහස තවත් ඔසවා තබන්නට ජනාධිපති අනුරගේ ආණ්ඩුව දැන් ශ්‍රී ලාංකික දිනයක් ද උත්සව ශ්‍රියෙන් පැවැත්විමට තීරණය කොට ඇත. රුපියල් මිලියන 300 කට වඩා වැඩි මුදලක් මහජන මුදල් වැය කර පවත්වනු ලබන මේ ශ්‍රී ලාංකික සැණකෙලිය දෙසැම්බර් 12 වැනිදා සිට 14 දක්වා කොළඹ ස්ථාන කිහිපයක දී පැවැත්වීමට නියමිත ය.

සංහිඳියාව වෙනුවෙන් එපමණ මුදලක් වැය කර සංදර්ශන පවත්වන ආණ්ඩුව උතුරේ ජීවත්වන අන්තිම සිංහල ජනයා ගේ වේදනාව අසන්නට සූදානම් බවක් පෙනෙන්නේ නැත. හිටපු කොටි සංවිධාන සාමාජිකයන් විසින් බලය හොබවන චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ අනන්ත අඩම්තේට්ටම් වලට ගොදුරු වී සිටින නාවක්කුලිය ගම්මානයේ වෙසෙන සිහලුන් පසුගිය දා කොළඹට පැමිණියේ ජනපති හමු වී තම දුක කියාපාන්නට ය.

නාවක්කුලිය සිංහල ගම් වැසියන්ගේ ව්‍යාපාර ලියාපදිංචි නොකර තහනම් කිරීමට කොටි හිතවාදී ප්‍රදේශිය සභාව පියවර ගෙන ඇත. ඒ සඳහා ඔවුන් ලිඛිත නියෝගයක් ද ලබා දී තිබේ.

ජනප්‍රිය පුවත්  කෝ මේ රංග?

නාවක්කුලිය සිංහල ගම්මානයේ වැසියෝ ඒහි ජීවත්වන්නේ කිසිදු පොදු පහසුකමක් හෝ නොමැතිව ය. පොදු ජල පහසුකම් ද ඔවුන්ට ලබා දීම වලකා ඇත්තේ දෙමළ ජාතිවාදීන් ය. දකුණේ සිට උතුරට වන්දනා ගමන් යන හා සංචාරය සඳහා යන මිනිසුන්ට ගෘහස්ත නවාතැන් දීම ද වහාම නවතා දමන ලෙස ප්‍රදේශීය සභාව තර්ජනය කර ඇත. එසේ නොකළහොත් ඔවුන්ගේ ඉඩම් පවරා ගැනීමට කටයුතු කරන බවට කොටි හිතවාදී ප්‍රදේශීය සභාව අනතුරු අඟවා ඇත.

මේ දුක කියන්නට නාවක්කුලි වෙසෙන සිංහල වැසින්ගෙන් කිහිප දෙනෙකු පසුගියදා කොළඹට පැමිණියේ ජනපති හමුවන්නට ය. එසේ හමු වී තම දුක කියා පා එයට විසදුමක් ලබා ගන්නට ය. නමුත් එය එළෙසින්ම සිදු නොවුණේ ය.

උතුරේ දෙමළ වැසියෝ කොළඹ හා වෙනත් ප්‍රදේශවල ද ව්‍යාපාර සිදු කරති. ඒවාට විරුද්ධව කිසිදු සිංහලයකු තර්ජනය කරන්නේ නැත. එහෙත් යාපනේ පවත්නා එකම සිංහල ගම වූ නාවක්කුලියේ මිනිසුන්ට එහි ව්‍යාපාර කිරීම තහනම් ය. සංහිඳියාව දොරේ ගලන්නේ එහි ය.

සංහිඳියා සංදර්ශනයට ජනපතිතුමා වැය කරන රුපියල් මිලියන 300 සොයා ගන්නේ බදු ආදායමෙනි. රජයට වැඩිම පංගුව බදු ගෙවනනේ සිංහලයන් ය. ඒ සිංහලයන්ගේ වැඩි පංගුවෙන් වියදම් කර සංහිදියාව සඳහා කොළඹ සැනකෙළි තබන ජනපතිවරයා ඉක්මනින් නාවක්කුලියට ගමන් කළ යුතු ය. එසේ ගොස් එහි වෙසෙන සිහලුන්ගේ දුක අසා දැනගත යුතු ය. ඒ මගින් එහි වෙසෙන සිංහල සුළුතරයට සහජීවනයෙන් ජීවත්වීමට ඉඩ ප්‍රශ්ථාව උදා කර දිය යුතුය. කොළඹ පවත්වන සහජීවන සංදර්ශනවලට වඩා නාවක්කුලියට ගොස් ඒ දුක නිවීම සැබෑ සහජීවනයට හේතු වන්නේ ය.

ජනප්‍රිය පුවත්  රංග දිසානායකගේ ඇත්ත හෙළුව

නැත්නම් මිනිසුන් කියනු ඇත්තේ ”ජනපතිගේ සහජීවනය රෙද්ද පල්ලෙන් බේරෙනවා!” යැයි කියා ය. අනේ ඉතින් අපි මොනවා කියමු ද?

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x