මෙන්න මාලිමාවේ තවත් වැඩක්! සමූපයට තරග කළ විපක්‍ෂයේ කණ්ඩායම් නායකගේ දත් තුනක් කැඩෙන්න ගහලා..
1 min read
කුරුණෑගල නගරයේ කඩවීදියේ ‘වත්හිමි සමූප ප්‍රාදේශිකයට ඒකාබද්ධ විපක්‍ෂයෙක් තරග කළ කණ්ඩායමේ නායක ඒ. ඒ. වළාකුල්පොල මහතාට මහමගදී මාලිමාවේ කණ්ඩායමේ යැයි කියන පිරිසක් පසුගිය 13 දා රාත්‍රියේ 11.00 ට පමණ පහර දුන් බවත්, ඉන් බරපතළ තුවාල සහිතව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ බවත් සමූප ඡන්දයෙන් වැඩිම ඡන්දයෙන් ඔහු ජයග්‍රහණය කළ බවත්, සජබ කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවසීය.
“අපේ අපේක්ෂකයාගේ දත් තුනක් ගැලවෙන්නම පහරදීලා තිබුණා. හක්ක පැනලා ඒක සැත්කමේ දී දැම්මා. කට පැලිලා ඒකට මැහුම් දැම්මා. දණහිසට පහරදීලා කුඩු කරලා. කකුල කඩලා. මම වළාකුල්පොල අපේක්ෂකයා බලන්න රෝහලට ගියා. මේ පහරදීමට හයදෙනෙක් විතර සහභාගි වෙලා තිබෙනවා. මෙයාගේ ගෙදර ළඟඳිමයි මේ පහරදීම සිදුවුණේ. ඇයි ගහන්නේ කියලා අහපුවාම කිසිවෙක් කතා කරලා නෑ. ගමේ එකට ඉන්න මිනිස්සු කටහඬ හඳුනා ගනිව් කියලායි ඒ. මෙයා පොලිසියට කටඋත්තර දෙන කොට ඒ බව කියලා තිබෙනවා. මේ පහරදීම සම්බන්ධයෙන් පොතුහැර පොලිසියට පැමිණිලි කළා. රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සැත්කමක් කළා. තවත් දින කීපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න සිදුවෙනවා. පහර දුන්න අය තාම නිදැල්ලේ ඉන්නවා.

