මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී
1 min read
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 5කින් පරාජයට පත්ව තිබේ.
අයවැයට විරුද්ධව ඡන්ද 12ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 07ක් පමණී.
එක් සභිකයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති අතර ඒ අනුව පුත්තලම මහ නගර සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.
නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ජන්දෙන් මෙසේ එය පරාජයට පත් විය.
අනතුරුව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් සභාව හෙට දිනය දක්වා කල් තබා රැස්වීමේ වැඩ කටයතු අවසන් කර ඇත.
කෙසේවෙතත් එය නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සදහන් කරමින් සහ එය නිතී විරෝධි බව සදහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දීමට ද කටයුතු කර තිබේ.
