November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා ආණ්ඩුවෙන් ‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක්!

1 min read

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති.

රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට ‘බෙන්ස්’ රථයක් තිබියදී මෙසේ නව ‘බෙන්ස්’ රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේගේ කාලයේ මෙම ‘බෙන්ස්’ රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති ‘රිදී’ (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්‍ෂ 700 ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආයතනය කිරීමට සිදුවූ බවත් එහි සේවකයෝ පවසති.

ජනප්‍රිය පුවත්  ප්‍රමිෂ්කාගේ "බුටික් හෝටල්" තුල ජනාධිපති නවාතැන් ගැනීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

‘මාලිමා’ ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා ඉවත්කර ජනක අලුත්ගේ පත්කළ බවත් ඉන් පසුව ඔහු ඉවත් කර වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර පත්කළ අතර ඔහු මීට දින කීපයකට පෙර සභාපති ධුරයේ වැඩ ආරම්භ කළ බවත් සේවකයෝ පවැසූහ.

‘ලෙකෝ’ සමාගමේ මීට පෙර සිටි සභාපතිවරුගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවල සුපිරි වාහන මිලදී ගෙන තිබූ බව කියන සේවකයෝ සඳහන් කළේ එම වාහන වර්තමානයේ ද වඩාත් හොඳ තත්වයේ පවතින බවයි.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x