“මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා” සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා! මදුරෝ අධිකරණයේදී කියයි
1 min read
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, තමන් තවමත් රටේ ජනාධිපතිවරයා බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඔහුට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, ඔහුව නිව්යෝර්ක් නගරයේ අධිකරණයකට ප්‍රථම වරට ඊෙයෙේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එහිදී මදුරෝ පවසා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය විසින් එල්ල කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් බරපතළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.
අධිකරණය හමුවේ අදහස් දක්වමින්, “මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාය” යනුවෙන් මදුරෝ අවධාරණය කර ඇත.
