March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”බැඳුම්කර සල්ලි ජ.වි.පෙ.ටත් ගියා!” – උවිදු කුරුකුලසූරිය

1 min read

යහපාලන සමයේ සිදුවූ බවට චෝදනා එල්ලවන බැඳුම්කර වංචාවෙන් ලබා ගන්නා ලද මුදල් ජනතා විමුක්ති පෙරමුණට ද ලබා දුන් බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.


එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන සමග මෑතකදී දුරකථන සංවාදයක් ද සිදු කර තිබූ කුරුකුලසූරිය මහතා මෙම සටහන තම සමාජ ජාල ගිණුමේ තබා තිබේ.

“මම ලංකාවෙ මහා පරිමාණයෙන් හොරකම් කළා කියනව අයව ආශ්‍රය කරල තියෙනව වගේම තාමත් ඇසුරු කරනව​. ඒ අයව කිසිම උසාවියක වරදකරුවන් කරලත් නැහැ. ඒ අය ඇසුරු කිරීමෙන් මම ඉඟෙන ගත්ත දේ තමයි;

“හොරකම් කරනව නම්, නීතිපති දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, සුප්‍රිම් කෝට් ගොඩනැගිල්ලේ සිට ලංකාව පුරා විසිරිල තියෙන අධිකරණවල ගොඩනැගිලිවල මාකට් වැලිව් එකටවත් වඩා හොරකම් කරන්න ඕන කියන එක​.”

එතකොට තමා නඩු කල් දදා මැරෙනකම් ඉන්න පුළුවන්.

ඔය නාමල් එහෙම පොර ටෝක්ස් දෙන්නෙ ඒකනෙ.

මම ලංකාවෙ සහ තවත් රටක දූෂණය ගැන ජනමාධ්‍යවේදීන්, ඒ වගේම සිවිල් සමාජ නායකයින් පුහුණු කරන්න මොඩියුල් හදන්න සහභාගි වුණ කෙනෙකු ලෙස කියන්නෙ ඔය ටික​. ඒ අයව අල්ලන්න ලංකාව වගේ රටකට ශක්තිය හෝ හැකියාව නැහැ. මැතිවරණ වේදිකාවල දෙන කයිය හෝ වහසිබස් විතරයි.

ජනප්‍රිය පුවත්  බොන් අගේන් CJ ශානිව කැඳවා දේශපාලන නඩු කඩිනම් කරන්නැයි දන්වයි!

දැන් අනුර වටෙත් යාලුවො විදියට කීදෙනෙක් ඉන්නවද ආණ්ඩුවක් මිළදී ගන්න හැකි අය​. උදාහරණයකට කියනව නම්, අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරල රනිල් දෙපාරක් බොන්ඩ් හොරකම් කළෙත් මෛත්‍රිපාල සිරිසේනගෙ ජනාධිපතිවරණයට ගත්ත ණය ගෙවන්නත්, දෙවෙනි බොන්ඩ් වංචාව කළේ මහ මැතිවරණයට සල්ලි හොයන්න​. ඒ සල්ලිවලින් කොටසක් ජවිපෙටත් ගියා.

ජනාධිපති කොමිසමේ හිටපු විසුරුවරුන් කිව්ව​, මේ බැඳුම්කර සීන් එක අඩුගානෙ 2007 දි සිට හෝ සිදුවෙලා තියෙනව​. ඒ ගැන ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න කියල​.

සිරිසේන ඒක කළෙත් නැහැ, ගෝට ඒක කළෙත් නැහැ, රනිල් ජනාධිපති වෙලා ඒක කළෙත් නැහැ. ඇයි අනුරතුමා හෝ දැන් ඒ පරීක්‍ෂණ නොකරන්නේ? මට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක.

ඉතුරු ටික මම පසුව ලියන්නම්!”

රජිත උදාන වීරසිරි – lankaundergroundnews

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x