බැක්ටීරියා විස සහිත එන්නත් ලංකාවට ගෙනවිත් තිබෙන්නේ නලින්දලා!
1 min read
බැක්ටීරියා විස සහිත එන්නත් ලංකාවට ගෙනවිත් තිබෙන්නේ නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමල් සංජීව මහතා මෙසේද පැවසීය.
‘‘පසුගිය අවුරුදු කිහිපය මුළුල්ලේ මෙරටින් තාවකාලිකව සහ ස්ථිරවය භාවිතයෙන් ඉවත් කරන ලද ඉන්දියන් බාල ඖෂධ ටික කලකින් ඖෂධ නියාම අධිකාරිය විසින් නැවත භාවිතයට නිදහස් කරලා තියෙනවා. ප්‍රශ්න සහගත ඉන්දියානු කාණ්ඩ 4ක ඖෂධ මෙරටට ගෙන්වලා තියෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව යටතේ එනම් 2025 පෙබරවාරි, 2025 ජුනි, 2025 සැප්තැම්බර් මාසවල මේ ඖෂධ තමයි තාවකාලිකව තහනම් කරලා තියෙන ඖෂධ මේ සියල්ලම ගෙන්වලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුවේ පාලන කාලයේදී මේ බව සදහන් කරලා තියෙන්නේ ඉන්දියානු අදාළ සමාගම විසින්මයි“ යැයි පැවසීය.
අදාල සම්පූර්ණ වීඩියෝව පහතින්
