March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල් අඟුරු සමාගම හමුවන්න ඇමති රුසියාවට ගිහින්!

1 min read

මෙරටට ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයූ බවට බරපතල චෝදනා එල්ල වී ඇති සමාගමක නියෝජිතයන් හමුවීම සඳහා විෂයභාර අමාත්‍යවරයා රුසියාව බලා ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි.

‘රතු ඉර’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ, ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක විෂයභාර අමාත්‍යවරයෙකු ගල් අඟුරු සපයන පෞද්ගලික සමාගම් හමුවීමට මෙලෙස විදේශගත වී සාකච්ඡා පවත්වා නොමැති බවයි.

චෝදනාවට ලක්ව ඇති සමාගමක් හමුවීමට වර්තමාන අමාත්‍යවරයා රුසියාවට යාම මෙරට ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම සිදුවීම බවත්, මෙම ගමන දැඩි සැකයට තුඩු දෙන්නක් බවත් ඔහු පැවසීය.

“ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබියදී, අමාත්‍යවරයා රහසිගතව මෙවැනි ගමනක නිරත වීම හරහා විශාල අභිරහසක් පවතින බව පෙනී යනවා,” යැයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මෙරට සිදුවෙමින් පවතින බව කියන දැවැන්ත ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරයාට අභියෝග කළත්, අමාත්‍යවරයා මෙතෙක් එම අභියෝගය භාරගෙන නොමැති බවද ඩී.වී. චානක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහයක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x