බල්ලා විරුවා වීම සහ විරුවා බල්ලට වැටීම
1 min read
අද මෙහි ඇත්තේ එක ඡායාරූපයක් නොවේ. ඡායාරූප දෙකකි. මේ ඡායාරූප දෙකෙන් කියැවෙන්නේ රටට සිදුවී ඇති වින්නැහියේ තරම ය.
වම් පැත්තේ වන ඡායාරූපයේ ඉන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් විරෝධාර රණවිරුවන් ය. ඔවුහු ඉතා දුෂ්කර යුධ අභියෝග තරණය කළ දැවැන්තයින් ය. වේලුපිල්ලේ පිරපාහරන් පවා බියට පත් කරන ලද රණවිරුවන් ය.
අනිත් ඡායාරූපය සිටින්නේ ටී.වී. සරත් ය. පොළොන්නරුවේ හද්ද ඩොටේ ගමකට වී අතේ සතේ නැතුව ජේ.වී.පී. කරපු සරත් අද නියෝජ්‍ය ඇමතිවරයෙකි. ශ්‍රී ලංකා පොලිසියට හා හමුදාවන්ට එරෙහිව වෛරය වැපිරීම උපන්දා සිට ඔහු සිදු කළ දේශපාලනයේ හරය විය.
දැන් අර රණවිරුවා සෙබළෙක් වී තිබේ. ඒ සෙබළා ‘‘සැලියුට්“ ගහන්නේ කලෙක සෙබලාගේ ‘මරුවා‘ට ය. ඒ ‘‘මරුවා“ දැන් ජනපති, මැති, ඇමතිවරු වී තිබේ. දැන් ‘‘සෙබළා“ මෙන්ම පොලීසිය ද සැලියුට් ගහන්නේ කලෙක තමන්ගේ මරුවා ව සිටි සරත්ලාට ය. සිදුව ඇති එකම පුනරුදය වූ කලී මෙය යි.
හමුදාව ද, පොලිසිය ද පෝලිමේ ගොස් තැපැල් ඡන්ද දැම්මේ මුන්දලාට ය. ඒ තමන්ගේ තත්ත්වය බල්ලාට දා ගන්නට ය. බල්ලෝ රජ වූ කල විරුවන්ගේ තත්ත්වය බල්ලාට වැටෙන එක අහන්නටවත් දෙයක් නොවේ. සිදුව ඇත්තේ එය මිස අන් කුමක්ද?
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
