March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්!

1 min read

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය ඊයේ (12) අවසන් විය.

නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.

ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x